Cricket NewsEXCLUSIVEIPL

Liam Livingstoneගේ පිත්තෙන් එල්ලවූ මීටර් 108ක් දිග මෙවර IPL තරඟාවලියේ දැවැන්තම හයේ පහර..

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 11වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ මහිෂ් තීක්ෂණ නියෝජනය කරන Chennai Super Kings කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 54ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Punjab Kings සමත් වුනා.

අද තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Chennai Super Kings නායකයා ප්‍රතමයෙන් පන්දුවට පහර දීම සදහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Punjab Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 180ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 181ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Chennai Super Kings පිතිකරුවන්ට පන්දුවාර 18ක් අවසනයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 126ක් පමණයි.

එහිදී Punjab Kings වෙනුවෙන් Liam Livingstone දැඩි ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වූයේ කඩන් වැටුනු Punjab Kings ඉණිම ශක්තිමත් කරමිනි.Livingstone පන්දු පන්දු 32ක් තුල අධිවේගි ලකුණු 60ක් රැස් කිරීමට සමත් වුනා.

ඔහුගේ ඉණිමට දැවැන්ත හයේ පහරවල් 5ක් සමග හතරේ පහරවල් 5ක් ඇතුළත් වුනා. ඔහුගේ ඉණිමේ ප්‍රහාරාත්මක වේගය සටහන් වූයේ 187.50ක් ලෙසයි.

එමෙන්ම ඔහු Mukesh Choudhary විසින් යොමු කල පන්දුවකට මීටර් 108ක ඇති දැවැන්ත හයේ පහරක් එල්ල කිරිමට සමත් වුනා. එය සටහන් වුයේ මෙවර IPL තරඟාවලියේ එල්ලවූ දැවැන්තම හයේ පහර ලෙසටයි.

එම දැවැන්ත හයේ පහරේ වීඩියෝ සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7