Cricket NewsEXCLUSIVEIPL

“අපිට තාම ගෙයක් නෑ, මගේ එකම අරමුණ IPL මුදල් වලින් මගේ දෙමාපියන්ට නිවසක් ලබා දීම” – යොවුන් ක්‍රීඩක තිලක් වර්මා

මංගල අයිපීඑල් තරඟයේම ඉන්දීය කණ්ඩායමට හොඳම ආයෝජනක් බව පෙන්වූ තිලක් වර්මා IPL මුදලින් දෙමව්පියන්ට නිවසක් තැනීම තමන්ගේ අරමුණ බව කියයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයේ මේ දක්වා පැවැති තරඟ තුලදී කැපී පෙනෙනතම යොවුන් ක්‍රීඩකයින් දෙදෙනා වූයේ ආයුෂ් බදෝනි හා තිලක් වර්මා ය.

තිලක් වර්මා අවසන් තරඟයේදී විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් ලකුණු 61 ක් රැස් කලේ තවමත් වයස අවුරුදු 19 ක ක්‍රීඩකයෙක් යන්න සියල්ලන්ගේම මතකයෙන් අකාමකා දමමිනි.වර්මාගේ ඉනිම තුල වඩා පරිණත මෙන්ම විශිෂ්ඨ තාක්ෂණයකින් පිරිපුන් බව පෙනෙන්ට තිබුණි.

2020 වයස අවුරුදු 19යෙන් පහල ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව අවසන් තරගයේදී බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වීය.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයේ මෙගා වෙන්දේසියට ඒ වසරේ ඉන්දීය කණ්ඩායම නියෝනය කල යොවුන් පිතිකරු තිලක් වර්මා එක්වූ නමුත් තමන්ව කණ්ඩායමක විසින් විශාල මුදලකට ලබා ගනු ඇතැයි තිලක් වර්මාටද විශ්වාසයක් නොතිබුණු බව ඔහු මාධ්‍යට ප්‍රකාශ කර තිබුණේ මීට පෙරදීය.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී යොවුන් පිතිකරු තිලක් වර්මාගේ මූලික අගය රුපියල් ලක්ෂ 20ක් ලෙස නියම කර තිබූ අතර පස් වතාවක් ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙතින් ඉන්දීය රුපියල් කෝටි 1.70ක ලංසුවකට ඔහු අලෙවි විය.

කෙසේ වෙතත්, තිලක් වර්මාගේ ඉන්දීය ප්‍රිමියර් ලීගය දක්වා පැමිණි ගමන පහසු නොවීය, ඔහු ඔහුගේ පියා විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කළ අතර ඔහුගේ පවුලේ අයට ඔහුගේ ක්‍රිකට් වියදම් දරාගත නොහැකි විය.

නමුත් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයෙන් තමන්ට ලැබෙන මුදලින් ඔහුට නිදහසේ ක්‍රීඩා කිරීමටත් තම දෙමාපියන්ට නිවසක් සාදා දීමටත් ඉඩ සැලසෙන බව ඔහු ප්‍රකාශ කලේය. ඒ මේ දක්වා තවමත් තමන්ට නිවසක් නොතිබෙන පසුබිමකදීය.

“IPL වෙන්දේසිය පැවැත්වෙන දවසේ මම මගේ පුහුණුකරු සමඟ වීඩියෝ ඇමතුමක සිටියා. ලංසු වැඩි වන විට මගේ පුහුණුකරු මාව තිගැස්සුවා.මාව ගත්තට පස්සේ මම මගේ දෙමාපියන්ට කතා කළා. ඔවුන්ද ඇමතුමට හඬන්නට විය. අම්මා වචන පිටකරගන්න අමාරුවෙන් හිටියේ.වැඩිවියට පත්වන විට අපට බොහෝ ආර්ථික දුෂ්කරතා ඇති වුනා. මගේ තාත්තාට ඔහුගේ සොච්චම් වැටුපෙන් මගේ ක්‍රිකට් වියදම් මෙන්ම අයියාගේ ඉගෙනීම් කටයුතුද සොයා බැලීමට සිදු උනා. පසුගිය වසර කිහිපය තුළ, අනුග්‍රාහකත්වය සහ තරග ගාස්තු සමඟ, මට මගේ ක්‍රිකට් වියදම් බලාගන්න පුළුවන් වුණා.”

“අපිට තාම ගෙයක් නෑ. ඉතින් මේ IPL එකෙන් මම උපයාගත් දේවලින් මගේ එකම අරමුණ මගේ දෙමාපියන්ට නිවසක් ලබා දීමයි. මේ IPL මුදලින් මට මගේ ක්‍රීඩා දිවියේ ඉතිරි කාලය නිදහසේ ක්‍රීඩා කරන්න පුළුවන්කම ලැබෙනවා.” යනුවෙන් තිලක් වර්මා මාධ්‍යට ප්‍රකාශ කර තිබුණි.

වර්මාගේ පුහුණුකරු වූ සලාම් බයාෂ් ඔහුව ක්‍රීඩකයෙකු ලෙස හැඩගැස්වූවා පමණක් නොව ඔහුට මූල්‍යමය වශයෙන්ද උපකාර කළ අතර එහි ප්‍රතිලාභ විශාල පිරිසකට පෙනෙන්නට තිබේ.

“ඔබ මා ගැන නොලියනවා නම් හොඳයි, නමුත් සලාම් සර් අනිවාර්යයෙන්ම සඳහනක් ලබා ගත යුතුයි. එයා මට ක්‍රිකට් ආම්පන්න අරන් දීලා මගේ වියදම් බලාගත්තා. ඔහු සහ මගේ පවුලේ අයගේ සහයෝගය නිසා තමයි මම මේ තත්ත්වයට පත් වුණේ, ” වර්මා ඔහු PTI පුවත් සේවය වෙත පැවසීය.

මංගල තරඟයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 15 කදී ලකුණු 22 ක් සහ රාජස්ථාන් පිලට එරෙහිව ලකුණු 61 ක් ලබා ගැනීමට සමත් වූ වර්මා මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් වඩාත් සාර්ථක ආරම්භයක් ලබාගත්තේය.

19 හැවිරිදි ඔහු විස්සයි-20 තරග 15කදී ලකුණු 381ක් වාර්තා කරන්නේ 143.77ක අගනා ප්‍රහාරක වේගයකින් වන අතර, මුල් පෙල පිතිකරුවෙකු ලෙස විශිෂ්ඨ දස්කම් දක්වන වර්මා තමන්ගේ මංගල අයිපීඑල් තරඟවාරය කෙසේ අවසන් කරාවිද යන්න පිළිබඳ මේ වන විටත් පෙන්නුම් කර හමාරය..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7