Cricket NewsEXCLUSIVE

අසිත ප්‍රනාන්දු යොමු කළ පන්දුවක් සහ ඔහු විසින්ම රැකගත් විශිෂ්ට උඩ පන්දුව හමුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් වූ Litton Das දැවී ගිය ආකාරය.!

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලෝක ටෙස්ට් ශූරතාවලියට අනියුක්තව පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟයේ අවසන් සහ තීරණාත්මක දිනය අදයි.

අද දිනය ආරම්භ කරන විට දැඩි අගාධයක සිටි බංගලදේශය ශ්‍රී ලංකා පළමු ඉණිමට ලකුණු 107ක් පසුපසින් සිටි අතර ඒ වන විටත් කඩුලු 4ක් ඔවුන්ට අහිමි වී අවසන්ය.

අද තරඟයේ ජයග්‍රහණය කිරීමේ වැඩි ඉඩක් ශ්‍රී ලංකාවට පවතින අතර එය වඩාත් පහසු කරමින් බංගලදේශ ⁣පළමු ඉනිමේදි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් වෙමින් ශතකයක් රැස් කළ Litton Dasව බනගල්දේශ දෙවන ඉනිමේ 6වන කඩුල්ල ලෙස දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුනා.

ඒ අසිත යොමු කල පන්දුවට Litton Das එල්ල කල උඩ පන්දුව අසිත විසින්ම රැක ගනිමිනි.බංගලදේශ දෙවන ඉණිමේ 6වන කඩුල්ල ලෙස ඔහු දැවී යන විට පන්දු 135කට මුහුණ දී ලකුණු 52ක් රැස් කරගෙන සිටියේ පිටෝයේ ස්ථාවර පිතිකරුවකු බවට පත් වෙමිනි.

Litton Das දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7