Cricket GossipEXCLUSIVEIPLPremier League

“මම කැමති ජොස් බට්ලර්ව මගෙ දෙවෙනි සැමියා ලෙස හදාවඩා ගන්න” – Van der Dussen ගේ බිරිඳ ප්‍රකාශ කරයි

Rassie van der Dussen wife: Lara van der Dussen Biography, Instagram

IPL යනු ලොව වැඩිම පිරිසක් නරඹන ලද T20 තරඟාවලියයි. මෙවර IPL තරඟාවලියේ කණ්ඩායම් අදියරේ තරඟ පසුගියදා නිමාවට පත් විය.

මුම්බායි හි ක්‍රීඩාංගණ හතරේදී කණ්ඩායම් අදියරේ තරග පැවැත්විණි. ඒ අන් කිසිවෙක් නොව වන්කඩේ ක්‍රීඩාංගණය, මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය (පූනේ), ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි සහ මුම්බායි හි බ්‍රබෝර්න් ක්‍රීඩාංගණයයි.

ගුජරාට් ටයිටන්ස් පිල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්විය. ලක්නව් සුපර්ජයන්ට්ස්, රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් ද අවසන් වටයට සුදුසුකම් ලබා ගත්හ. කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්හිදී පැවැති එලිමිනේටර් තරගයෙන් RCB විසින් LSG පරාජයට පත් කරන ලදී.

මේ අතර, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ තරුවක් වන රසී වැන් ඩර් ඩුසන්ගේ බිරිඳ හාස්‍යජනක ප්‍රකාශයක් සමාජ මාධ්‍ය වල සැරිසරනවා.

Have adopted Jos Buttler as my second husband,' jokes RR star's wife | Cricket - Hindustan Times

ලාරා, ධනශ්‍රී වර්මා සහ ප්‍රීති අශ්වින් ඇතුළත් The Royals Podcast හි රසවත් සංවාදයක් අතරතුර, Van der Dussen ගේ බිරිඳ ප්‍රකාශ කර ඇත්තෙ ජොස් බට්ලර්ව ඇයගෙ දෙවන සැමියා ලෙස රැකබලා ගැනීමට කැමති බවත් ඇය ලුයිස් (ජොස් ගෙ බිරිදගෙ නම ) ලෙස සිටීමට කැමති බවත් ය.

IPL 2022: Jos Buttler, Yuzvendra Chahal drag Rajasthan Royals to victory

තවද ඇය ප්‍රකාශ කර ඇත්තෙ, ජොස්ගෙ බිරිදව ඇය කිසි දිනෙක හමු වී නොමැති බව‍යි. කෙසෙ නමුත් මෙය හුදෙක් විනෝදය සදහා කල ප්‍රකාශයකි.

Jos Buttler Cricket Player Profile, Family, Career, Records and Statistics | Sports News

මීට පෙර, ගුජරාට් ටයිටන්ස් පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී රාජස්ථාන් රෝයල්ස් පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තමන්ට අවසන් මහා තරගයට යාමට තවත් අවස්ථාවක් ලැබී ඇත.

ඔවුන් මැයි 27 වැනිදා (අද) දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී Faf du Plessis ගේ නායකත්වයෙන් යුත් Royal Challengers Bangalore සමග තරග වැදීමට නියමිතයි . තරගය අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button