Cricket NewsEXCLUSIVE

අසිත-රාජිත සුසංයෝගය සුප්‍රසිද්ද මීර්පූර් හිදී සත්කාරක බංග්ලාදේශය සුණු විසුනු කරයි – කඩුලු 10 කින් තරඟය ජයගත් ශ්‍රී ලංකාව 1-0 ක් ලෙසින් තරඟාවලිය ජය ගනී.!

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය මිර්පුර්හිදී අද නිමාව දුටු 1-0ක් ලෙස තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි. මිර්පුර් හිදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සමස්ත තරඟය පුරාවටම බංග්ලාදේශ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණයෙන් ප්‍රයෝජන ලබාගැනීම විශේෂත්වයක්.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කලේය.

පසුගිය දින කිහිපයේ වර්ශාව හේතුවෙන් තරණතීරුව ආවරණය කර තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් හට හිතකර තත්වයක් නිර්මාණය කර දුන්නේය. ඒ හේතුවෙන් බංග්ලාදේශයේ පළමු කඩුලු 5 ලකුණු 24 කට දැවීගියමුත් මුශ්ෆිකර් සමඟින් එක්ව ලිටන් දාස් ලකුණු පුවරුව ලකුණු 365ක් කරා ගෙන ගියේය.ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වූ මුශ්ෆිකර් නොදැවී ලකුණු 175 ක් රැස් කලේය.

ලිටන් දාස් ලකුණු 141 ක් රැස් කලේය. තම මංගල කඩුලු 5හේ අවස්ථාව වාර්ථා කරන්නට සමත් වූ කසුන් රාජිත ලකුණු 64 කට කඩුලු 5 ක් බිඳ දමද්දී අසිත ප්‍රනාන්දු කඩුලු 4 බිඳහෙලුවේය.

සිට පළමු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කරන්නට නායක දිමුත් හා ඕශධ සමත් විය.මැදපෙල ශතක ලාභීන් වූ ඇන්ජලෝ මැතිව්ස් හා දිනේශ් චන්දිමාල්ගේ සුපිරි පිතිකරණය ශ්‍රී ලංකා පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 506 ක් දක්වා රැගෙන ගියේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මැතිව්ස් නොදැවී ලකුණු 145 ක් රැස් කලේය. චන්දිමාල්ගේ පිත්තෙන් ලකුණු 124 ක් වාර්ථා වුණි. ශකීබ් අල්හසන් බංග්ලාදේශය වෙනුවෙන් ලකුණු 96 ට කඩුලු 5 ක් බිඳ දැමුවේය.

ලකුණු 141 ක් පසුපසින් සිටිමින් තම දෙවන ඉනිම ඇරඹූ සත්කාරක බංග්ලාදේශයට රැස් කර ගත හැකිවූයේ ලකුණු 169 ක් පමණි. යලිත් වරක් මුල්පෙල පිතිකරුවන් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් දෙදෙනා ඉදිරියේ පසුබෑම ජයපරාජයෙන් තොරව තරඟය අවසන් වේවියැයි තිබූ බංග්ලාදේශ අපේක්ෂා බිඳ දැමීය.

බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ශකීබ් ලකුණු 58 ක් රැස් කලේය. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු සිය මංගල කඩුලු 5 අවස්ථාව සටහන් කල අතර ඔහු ලකුණු 51 ට කඩුලු 6 ක් බිඳ දැමීය. කසුන් රාජිත එක් කඩුලු දෙකකට හිමිකම් කීවේය.

දිනය නිමා වීමට තවත් සැසි දෙකක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සඳහා සඳහා ලකුණු 29 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී එම ඉලක්කය පසු කර ගියේය. ඕශධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 21 ක් හා දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 7 ක් රැස් කලේය.

සමස්ත තරඟයේ කඩුලු 10 ක් දවාගන්නට සමත් වූ අසිත ප්‍රනාන්දු තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත් අතර තරඟාවලියේ වීරයා ලෙසින් ශතක දෙකක් සමස්ත තරඟාවලිය පුරාවට ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7