Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

ශ්‍රී ලංකා කාන්තා පිල විස්සයි20 ලෝක කුස­ලා­න­යට සුදු­සු­කම් ලබයි

මේ වසරේ ඔක්තෝ­බර් මස බංග්ලා­දේ­ශ­යේදී පැවැ­ත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලබා ගැනී­මට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම ඊයේ සමත් විය.

ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලබා­ගැ­නීම සඳහා අබු­ඩා­බියේ පැවති මේ තර­ගා­ව­ලියේ දෙවැනි අව­සන් පූර්ව තර­ග­යෙන් සත්කා­රක එක්සත් අරාබි එමීර් පිල ලකුණු 15කින් පරා­ජය කර­මින් අව­සන් තර­ගයේ ස්ථාන­යක් වෙන් කර­ගැ­නී­මත් සමඟ ශ්‍රී ලංකා­වට මේ අව­ස්ථාව උදා විය.

පළමු අව­සන් පූර්ව තර­ග­යෙන් අය­ර්ල­න්තය පර­දවා කඩුලු 8ක ජයක් හිමි කර ගනි­මින් ස්කොට්ල­න්තය ද ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලබා ගත්තේය.

සෙයිඩ් ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පැවති මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දෙමින් ශ්‍රී ලංකා පිල දුන් ලකුණු 150ක ඉල­ක්කය හමුවේ එමීර් ක්‍රීඩි­කා­වන්ට ඕවර 20 අව­සා­නයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 134ක් පමණි.

නායිකා ඊෂා ඕසා ඉනි­මට සාර්ථක ආර­ම්භ­යක් දෙමින් පන්දු 44කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 66ක් රැස් කළ අතර, ඇය සිව්වැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමඟ තර­ගය එමීර් පිල අතින් ගිලිහී ගියේය.

කුෂි ෂර්මා ලකුණු 22ක් සහ ශ්‍රී ලාංකික සම්භ­වයක් සහිත ක්‍රීඩි­කා­වක වන කවිෂා එගො­ඩගේ ලකුණු 16ක් ඉනි­මට එක් කළහ. එගො­ඩගේ දවා ගැනී­මට නිල­ක්ෂි ද සිල්වා උඩ පන්දු­වක් රැක­ගත් අතර, ඒ සමඟ නිල­ක්ෂි ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 පිටියේ වැඩිම උඩ­පන්දු සංඛ්‍යා­වක් (38) රැක­ගත් ක්‍රීඩි­කාව බවට පත්වූ­වාය. ඇය ඉන් පෙර නායිකා චමරි අත­පත්තු සම­ඟින් උඩ පන්දු 37 බැගින් රැක­ගෙන තිබිණි. පන්දු යැවී­මේදී චමරි අත­පත්තු කඩුලු 2ක් බිඳ දැමූ අතර, සුග­න්දිකා කුමාරි, ඉනෝෂි ප්‍රිය­ද­ර්ශනී සහ උදේ­ශිකා ප්‍රබෝ­ධනි කඩුල්ල බැගින් දවා ගත්හ.

පළ­මුව පන්දු­වට පහ­ර­දුන් ශ්‍රී ලංකා පිල වෙනු­වෙන් විශ්මි ගුණ­රත්න යළිත් වැඩිම ලකු­ණු­ලා­භි­නිය බවට පත්වූයේ පන්දු 44කදී හතරේ පහර 5ක් සම­ඟින් ලකුණු 45ක් රැස් කර­මිනි. නායිකා චමරි අත­පත්තු පන්දු 21කින් ලකුණු 21ක් රැස් කළ අතර, හර්ෂිතා මාධවී ලකුණු 24ක් ඉනි­මට එක් කළාය. ඉනිම අග භාග­යේදී වේග­වත් පිති­හ­ර­ඹ­යක නිරත වෙමින් හසිනි පෙරේරා පන්දු 8කින් ලකුණු 15ක්, කවීෂා දිල්හාරි සහ නිලක්ෂි ද සිල්වා පන්දු 10කට බැගින් මුහුණ දෙමින් පිළි­වෙ­ළින් ලකුණු 17ක් සහ 18ක් රැස් කර­මින් එමීර් පිලට ලකුණු 150ක අභි­යෝ­ගය ලබා දුන්හ. පන්දු යැවී­මේදී ඊෂා ඕසා සහා වෛෂ්ණවේ මහේෂ් කඩුලු 2 බැගින් දවා ගත්හ.

මේ තර­ගා­ව­ලියේ අව­සන් මහ තර­ගය හෙට (7) මෙරට වේලා­වෙන් රාත්‍රි 9.00ට ශ්‍රී ලංකාව සහ ස්කොට්ල­න්තය අතර සෙයිඩ් ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේ­දීම පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button