EXCLUSIVETrending Article

“වීරයෙක් කවදාවත් පරදින්න කැමති නෑ, ඔවුන් ඉපදිලා තියෙන්නෙම දිනන්න” – ක්‍රිකට් රසිකයකු ඇන්ජලෝ මැතිව්ස් වෙනුවෙන් තැබූ ආදරණිය සටහන.!

මාස ගානකට පස්සේ ආයෙමත් ක්‍රිකට් වලට ආපු ඇන්ජි එයා කවුද කියලා පෙන්නනවා.

ඇන්ජි කියන්නේ ඇන්ජිම තමයි.

ඒක අදත් හෙටත් මතුවටත් වෙනස් වෙන්නේ නෑ…මාස ගානෙකට පස්සේ ආපු ඇන්ජි දැන් ෆෝම් එකේ නැ කිව්වා.
“අප්පෝ දැන් නම් යන්න කාලේ හරි” කිව්වා.”දැන් ඇන්ජිට බෑ කිව්වා.”මිනිස්සු ඇති තරම් කතා කිව්වා.

ටෙස්ට් තරගාවලියකට අපි මේ ක්‍රීඩා කරන්නේ සෑහෙන කාලෙකට පස්සේ,

එතකොට මිනිස්සුන්ට අර පෙර කරපු දේවල් අමතක වෙනවා.

ඇන්ජි පිතිකරුවෙක් විදිහට ටෙස්ට් පිටියේ අසාර්ථක වුනේ පසුගිය බංග්ලාදේශ තරගාවලියේ විතරයි.
එක්දින තරගවල ඔහු අසාර්ථක වුනේ පසුගිය කොදෙව් තරගාවලියේ සහ ලංකාවේ කොදෙව් සංචාරයේදී ක්‍රීඩා කල තරගයක විතරයි.

හැබැයි අමතක කරන්න එපා තරගයකින් දෙකකින් මනින්න මේ නිකන්ම නිකන් කිරි සප්පයෙක් කියලා

ඇන්ජි කියන්නේ ලෝකයක් කනපිට පෙරළපු තරග අනිත් පැත්ත හරවලා ලක් අම්මාට හිතා ගන්න බැරි ජයග්‍රහණ ගෙනල්ලා දීපූ ක්‍රීඩකයෙක්…!!!
ඉතිං එහෙම වීරයෙක් සටනක් දෙකක් පසු බැස්සත් වීරයා වීරයාම තමයි !

ජයග්‍රහණය පිපාසයෙන් සටන් කරන මේ වගේ වීරයෙක් කවදාවත් පරාජය භාර ගන්න ලෑස්ති නැ..

ඉතිං ඒ හින්දාමයි ඇන්ජිට නැවතත් ජාතික කන්ඩායමේ අවස්ථාව හිමි වෙන්නේ…!!!

රට වෙනුවෙන් සැරටම සටන් කරපු තාමත් රට වෙනුවෙන් කකුල් කඩාගෙන හරි සටන් කරන මේ වගේ වීරයෙක් ගැන ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් විදිහට කවුරු හරි අඩු තක්සේරුවකින් මනිනවා නම් ඇත්තටම ඒක ඒ මිනිස්සුන්ගේ මානසික දුර්වලතාවයක්…!!!

මොකද ඇන්ජි කියන්නේ තරගයක් දෙකක් ෆේල් වුනාට කුණු කූඩෙට දාන්න පුළුවන් ක්‍රීඩකයෙක් නෙමෙයි !

ලංකාවේ ක්‍රිකට් වල ඉන්න සුපිරිම බුලට් එකක් !!!

ඉතිං ඒ ඇන්ජි ,

අපේ පරණ ඇන්ජිම ආයෙමත් පණ ගහලා ආවා කියන්නේ ලේසි නෑ අනිත් රටවල් වලට,

දැන් දැන් ශ්‍රි ලංකා ක්‍රිකට් වලින් හදුන්වා දෙන අලුත් තුරුම්පු ලෝකයක් චකිතයට පත් කරන්න හදද්දී කාලයක් ලක් අම්මා වෙනුවෙන් ලෝකයක් සමග එඩිතරව සටන් කරපු ඇන්ජි වගේ වීරයින් නැවතත් සටන් කරනවා කියන්නේ අර අපේ නවකයින්ටත් ඒක මාරම උත්තේජනයක්…

ඉතිං වර්තමානයේ අප්‍රසන්නම ඉලක්කමක් වුනු 69 ට තාමත් මනුස්සයෙක් ආදරේ කරනවා නම් ඒ ඇන්ජි හින්දා

“අබ්බගාතයා…ඔයා දැන් යන්න. දැන් නම් හරි ගෙදරට වෙලා ඉන්න ”

කියලා දහසක් චෝදනා එල්ල කරපු ඇත්තන්ට ඔහු අද අපූරුවට උත්තර දුන්නා.

හැබැයි ඒ කටින් නම් නෙමෙයි පිත්තෙන්…

ඉතිං පෙර කිව්වා වගේ වීරයෙක් කවදාවත් පරදින්න කැමති නැ…

එවන් වීරයෙක් අඩියක් පස්සට ගන්නවා කියන්නේ ඒක දරුණු යුද්ධයකට ඔහු කරන බලගතු ඉඟියක්..
ඔන්න ඒ යුද්ධය පටන් ගත්තා.

අපේ වීරයා ඇන්ජි ඇවිල්ලා….!!!!

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිනි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button