Cricket NewsEXCLUSIVELPL

ප්‍රභල Jaffna Kings පන්දු බළ ඇණියට එළව එළවා පහර දුන් කුසල් මෙන්ඩිස් සහ ගුණතිලකගෙන් දැඩි ප්‍රහාරාත්මක පිතිකරණයක් සමග LPL වාර්තාවක්.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විට කෙමෙන් කෙමෙන් අවසානය කරා ළඟා වී තිබෙන අතර අද තරඟාවලියේ පළමු Qualifier තරඟය මේ වන විට Jaffna Kings කණ්ඩායම හා Galle Gladiators අතර පැවැත්වෙනවා.

අද තරඟය ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායමට අවසන් මහා තරඟය නියෝජනය කිරීමේ අවස්ථාව සෘජුව ලැබෙන අතර පරාජය වන කණ්ඩායමට Eliminator තරඟය ජය ගත් Dambulla Giants සමග දෙවන Qualifier තරඟය ක්‍රිඩා කිරීමට සිදු වනවා.

තීරණාත්මක අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Jaffna Kings නායක තිසර පෙරේරා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Galle Gladiators පිතිකරුවන්ට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Galle Gladiators පිතිකරුවන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5ක් දැවී ලකුණු 188ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

LPL ඉතිහාසයේ දැවැන්තම ආරම්භක සබඳතාවය පැවැත්වීමට අද Galle Gladiators ආරම්භක පිතිකරුවන් දෙපළ වන ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ අනුව පළමු කඩුල්ලට ලකුණු 121 ක සබඳතාවයක් පැවැත්වීමට ඔවුන් දෙදෙනා සමත් වූ අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 55 ක් රැස්කිරීමට සමත්වුණා.

ආරම්භයේ පටන්ම දැඩි ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 53ක් තුළ වේගවත් ලකුණු 85 ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 44ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්.

තරගය අවසන් භාගයේ සිය ප්‍රහාරාත්මක පිතිකරණයට නැවතත් නැවතත් පණ පෙවූ නායක භානුක රාජපක්ෂ පන්දු 15ක් තුළ වේගවත් ලකුණු 25ක්රැස් කිරීමට සමත් වූයේ Galle Gladiators ලකුණු පුවරුව තවත් ඉහලට ඔසවා තබමිනි.

පන්දු යැවීමේදී Jaffna Kings නායක තිසර පෙරේරා කඩුලු දෙකක් බිඳ හෙලූ අතර වහාබ් රියාස් සහ සුරංග ලක්මාල් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව ලකුණු 189 ක දැවැන්ත ජයග්‍රහි ඉලක්කයක් හඹා යාම සඳහා Jaffna Kings පිතිකරුවන් පිටියට පිවිස තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button