Cricket NewsEXCLUSIVELPLMatch Review

ප්‍රභල “Jaffna කණ්ඩායම” පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද අඩපණ කළ “ගෝල් ග්ලැඩියේටර්ස්” අවසන් මහා තරඟයට.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විට කෙමෙන් කෙමෙන් අවසානය කරා ළඟා වී තිබෙනවා.

ඒ අනුව Jaffna Kings හා Galle Gladiators කණ්ඩායමේ අතර අද පැවති මෙවර තරඟාවලියේ පළමු Qualifier තරඟය ජයග්‍රහණය කරමින් අවසන් මහා තරඟයට පිවිසෙන ප්‍රථම කණ්ඩායම බවට පත් වීමට ගිය වර අනුශුරයන් වූ Galle Gladiators කණ්ඩායම සමත් වුනා.

තීරණාත්මක අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Jaffna Kings නායක තිසර පෙරේරා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Galle Gladiators පිතිකරුවන්ට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Galle Gladiators පිතිකරුවන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5ක් දැවී ලකුණු 188ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

LPL ඉතිහාසයේ දැවැන්තම ආරම්භක සබඳතාවය පැවැත්වීමට අද Galle Gladiators ආරම්භක පිතිකරුවන් දෙපළ වන ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ අනුව පළමු කඩුල්ලට ලකුණු 121 ක සබඳතාවයක් පැවැත්වීමට ඔවුන් දෙදෙනා සමත් වූ අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 55 ක් රැස්කිරීමට සමත්වුණා.

ආරම්භයේ පටන්ම දැඩි ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 53ක් තුළ වේගවත් ලකුණු 85 ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 44ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්.

තරගය අවසන් භාගයේ සිය ප්‍රහාරාත්මක පිතිකරණයට නැවතත් නැවතත් පණ පෙවූ නායක භානුක රාජපක්ෂ පන්දු 15ක් තුළ වේගවත් ලකුණු 25ක්රැස් කිරීමට සමත් වූයේ Galle Gladiators ලකුණු පුවරුව තවත් ඉහලට ඔසවා තබමිනි.

පන්දු යැවීමේදී Jaffna Kings නායක තිසර පෙරේරා කඩුලු දෙකක් බිඳ හෙලූ අතර වහාබ් රියාස් සහ සුරංග ලක්මාල් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව ලකුණු 189 ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිවිසි Jaffna Kings පිතිකරුවන්ට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 124ක් පමණයි.

Jaffna Kings වෙනුවෙන් Rahamanullah Gurbaz පන්දු 37ක් තුල ලකුණු 59ක් රැස් කිරීමට සමත් වුනා.

තරඟයේ අවසන් භාගයේ ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලුණු වනිඳු හසරංග පන්දු 15ක් තුල වේගවත් ලකුණු 29යක් රැස් කරත් එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වුයේ නැහැ.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නුවන් තුශාර කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුයේ Jaffna පිතිකරණ බළඇනිය සම්පුර්ණයෙන්ම අඩපණ කරමිනි.

ඒ අනුව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසි ප්‍රථම කණ්ඩායම බවට Galle Gladiators කණ්ඩායම පත්වූ අතර මීළඟට Dambulla Giants කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන Qualifier තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම එළඹෙන 23 වනදා සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී Galle Gladiators කණ්ඩායමට එරෙහිව අවසන් මහා තරගයට පිවිසෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button