Cricket NewsEXCLUSIVEIPL

තියුණු තරඟයකින් අනතුරුව Lucknow Super Giants පරාජය කළ Rajasthan Royals ලකුණු 3ක ජයක් වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 20 වන තරගය ලෙස Rajasthan Royals සහ Lucknow Super Giants කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 3ක තියුණු ජයක් හිමිකර ගැනීමට Lucknow Super Giants කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Lucknow Super Giants ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Rajasthan Royals කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කිරීමට සමත් වුණා.

Rajasthan Royals වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Shimron Hetmyer පන්දු 36කදී ලකුණු 59ක් වාර්තා කිරීමට සමත් වුනා.

Devdutt Padikkal ලකුණු 29ක් රැස් කළ අතර Ravichandran Ashwin ලකුණු 28ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Krishnappa Gowtham සහ Jason Holder කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 166ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Lucknow Super Giants පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 162ක් පමණයි

Lucknow Super Giants ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Quinton de Kock ලකුණු 39ක් රැස් කළ අතර අවසන් පන්දුව දක්වා සුපිරි සටනක් දියත් කල Marcus Stoinis පන්දු 17ක් තුල වෙගවත් ලකුණු 38ක් රැස් කළා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Yuzvendra Chahal කඩුලු 4ක් බිඳ හෙලු අතර සහ Trent Boult කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7