Cricket NewsEXCLUSIVE

මැක්ඩොනල්ඩ්ගේ ශ්‍රී ලංකා ගමන දින කිහිපයකින් පමාවෙයි.!

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලීමට නියමිත අතර ඔවුන් ඊයේ දිවයිනට ලඟාවිය.

කෙසේ නමුත් මේ මස 7 වැනිදා විස්සයි විස්ස තරඟාවලිය ආරම්භ වීමට නියමිත අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ඇන්ඩෲ මැක්ඩොනල්ඩ්ගේ සහභාගීත්වයකින් තොරව තරඟාවලිය ආරම්භ වනු ඇති බව සඳහන්. ඒ ඔහුට කොවිඩ් වෛරසය ආසාධනය වීමත් සමඟය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා එරටින් පිටත් වීමට පෙර සිදු කල වෛද්‍ය පරීක්ෂණයන්ගෙන් අනතුරුව තහවුරු වූයේ ප්‍රධාන පුහුණුකරු මැක්ඩොනල්ඩ් හට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බවය. ඊයේ දහවල් ඒ බව තහවුරු වූ අතර දින හතක කාලයක් මෙල්බර්න් හි හුදකලා වී සිටීමට ඔහුට සිදුවනු ඇත.

ඒ හේතුවෙන් අද දිවයිනට පැමිණි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සෙසු කාර්‍යමණ්ඩලය සමඟින් මැක්ඩොනල්ඩ් හට මෙරරට පැමිණීමට නොහැකි විය. ඒ හේතුවෙන් සහය පුහුණුකරු මයිකල් ඩි වෙනුටෝ යටතේ ජුනි 7 වැනිදා කොළඹදී පළමු විස්සයි විස්ස තරගය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම පිවිසීමට නියමිතය.

කෙසේ නමුත් මැක්ඩොනල්ඩ් කොළඹදී පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගයට පෙර ඔහු පුහුණු කාර්‍ය මණ්ඩලය සමඟින් එක් වනු ඇත.

ඕස්ට්‍රේලියාව දැනටමත් මෙම තරඟාවලිය සඳහා පුහුණුකාර්‍ය මණ්ඩලය වඩාත් සන්නද්ධ කර ඇති අතර Andre Borovec හා හිටපු නවසීලන්ත නායක ඩැනියෙල් විටෝරිද ඒ අතර විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7