Cricket NewsEXCLUSIVEIPL

IPL තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියාට හිමිවන “දම් පැහැති හිස්වැස්ම” වනිඳු හසරංගටද ? Yuzvendra Chahalටද ?

පසුගිය මාර්තු 26 වනදා අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැලකෙන්නේ ලොව ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙසටයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසක් ද ක්‍රීඩා කළ අතර තරඟාවලිය පුරාවට සුපිරි දස්කම් දැක්වීමට ඔවුන් සමත් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය පිලිබඳ සුභවාදී ආකල්ප රැසක් ශ්‍රී ලාංකීය ක්‍රිකට් රසිකයන් ගේ සිත් තුළ ඇති කරමිනි.

එවන් සාර්ථක ආරම්භයක් සමග ආරම්භ වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7.30ට Ahambadbad හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතයි.

ඒ මෙවර තරගාවලියට අලුතින් ම එක් වූ Gujarat Titans කණ්ඩායම සහ වසර 14කට පසුව අවසන් මහා තරගයකට පිවිසි Rajasthan Royals කණ්ඩායම සමඟයි.

මෙවර තරගාවලියට අලුතින් ම එක් වූ Gujarat Titans කණ්ඩායම මෙවර ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ සිට අවසන් මහා තරගයට පිවිසි අතර හාර්දික් පාණ්ඩයා නායකත්වය දරනවා.

Sanju Samson ගේ නායකත්වයෙන් අවසන් මහා තරඟයට පිවිසෙන Rajasthan Royals කණ්ඩායමේ කුමාර් සංගක්කාර විසින් ප්‍රධාන පුහුණු කාරිත්වය සහ කණ්ඩායමේ අධ්‍යක්ෂක ධුරය දරන අතර ලසිත් මාලිංග වේගපන්දු පුහුණුකරු ධුරය හොබවනවා.

මේ අතර මෙම තීරණාත්මක තරඟයේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ද ඉතා වැදගත් වී තිබෙනවා. ඒ වනිදු හසරංග හේතුවෙනි.

කෙසේ නමුත් අද තරඟෙට වනිඳු හසරංග ක්‍රීඩා කරන්නේ නැහැ, ඔහු නියෝජනය කළ Royal Challengers Bangalore කණ්ඩායම පසුගියදා පැවැති Qualifier 2 තරඟය පරාජය වූ අතර ඒ හේතුවෙන් තරඟාවලියෙන් ඉවත් වූනා.

කෙසේ නමුත් වනිදු හසරංග මේ වනවිට තරගාවලියේ වැඩිම කඩුලු ලාභණ්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ දම් පැහැති හිස් වැසුමටද හිමිකම් කියමිනි.

එම වැඩිම කඩුලු ලාභි ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන්නේ අද අවසන් මහා තරඟයට පිවිසෙන Rajasthan Royals කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක Yuzvendra Chahal ය.

අද තරඟයේ ඔහුට කඩුලු ලබා ගැනීමට නොහැකි වුවහොත් සහ ඔහුගේ පන්දුවාර 4ට ප්‍රතිවාදී පිතිකරුවන් ලකුණු විස්සකට වැඩියෙන් රැස්කලහොත් මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාට හිමිවන Purple Cap හෙවත් දම් පැහැති හිස්වැසුමේ හිමිකරුවා වීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත් වනු ඇත.

ක්‍රිකට් ලෝකයටම තීරණාත්මක මෙම තරගය අද රාත්‍රී 7.30ට ප්‍රේක්ෂකයින් 125,000 ට අධික දැවැන්ත ජනකායක් ඉදිරියේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button