Cricket NewsEXCLUSIVEIPLPremier League

මහීෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කින්ග්ස් සමග එක්වීමට ඉන්දියාව බලා පිටත් වේ.

Boycott_ChennaiSuperKings is trending ! Reason Maheesh Theekshana

ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබේ.ඒ මෙවර IPL තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එක්වීමටයි.

මහීෂ් තීක්ෂණ මෙගා ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් මිලියන 7කට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදී.

මෙම මිලදී ගැනීමත් සමග ඇතැම් අන්තවාදීන් මහීෂ් චෙන්නායි කණ්ඩායමෙන් ඉවත් කරන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට බලපෑම් කරමින් සිටියා.

ඔහු ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන බැවින් එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගෙන් ඔහුට බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මහේෂ් තීක්ෂණ මේ වන විට එක්දින තරග 4කට සහ විස්සයි20 තරග 15කට ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button