Cricket NewsEXCLUSIVE

තෙවැනි දිනය වන අද දිනයේදී ජයග්‍රහණය තවත් ලකුණු 419ක ඉහල ලකුණු සංඛ්‍යාවක් හඹා යාම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට.!

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරගයේ දෙවන දිනය ඊයෙන් අවසන් වුයේ ශ්‍රී ලංකාවට ලකුණු 447ක දැවැන්ත ඉලක්කයක් ලබා දෙමිනි. දෙවැනි දිනට ඊයේ තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් කඩුල්ලක්ද ලකුණු 28 ක් තුළදී දැවී ගොස් තිබුනා.

ඒ අනුව තරඟයේ තෙවැනි දිනය වන අද දිනයේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා කඩුලු 9ක් අතැතිව ලකුණු 419ක් හඹා යාමට සිදුව තිබෙන අතර තරගය ජය පැරදුමෙන් තොරව තබා ගැනීමට නම් සම්පූර්ණ දින 3 ක්ම සිය ඉනිම ආරක්ෂා කර ගැනීමට සිදුව තිබේ.

ඊයේ දිනය ආරම්භයේදීම ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 109 කට සීමා කළ ජස්ප්‍රිට් බුම්රා ප්‍රමුඛ ප්‍රබල ඉන්දියානු බල ඇණිය නැවතත් පන්දුවට පහර දෙමින් කඩුලු 9 කදී ලකුණු 303 ක් ලබා ඉනිම අත්හිටවූවේය.

ඊයේ දිනයේදී ලකුණු 24 ක් පමණක් ශ්‍රී ලංකා පිතිකරුවන් රැස් කර ගැනීමට සමත් වද්දී ජස්ප්‍රිට් බුම්රා සහ එම කඩුලු වලට සමව උරුමකම් කීවේය.

ඉනිම අවසානයේදී බුම්රා සිය කඩුලු අතරට තවත් කඩුලු 5 ක් එක් කරගෙන සිටියේය.

රෝස පැහැති පන්දුවේ අභියෝගය පිතිකරුවන් අතට එල්ල වද්දී ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වූ කඩුලු රකින රිෂාබ් පාන්ට් ඊයේ දිනයේදී වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකයට හිමිකම් කීවේය.

හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ද සමඟින් පන්දු 28 ක් වැය කරමින් ඉන්දීය කඩුලු රකින්නා එම වාර්තාව තමන් සතු කරගන්නා විට බිඳ වැටුණේ වසර 40 කට ඉහතදී හිටපු ඉන්දීය නායකයකු වන කපිල් දේව් විසින් පන්දු 30 කදී රැස් කරගෙන තිබූ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාවයි.

පළමු ඉනිමේ පරිදිම දෙවැනි ඉනිමේදීත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වුණු ශ්‍රෙයාස් අයියර් පන්දු 87 කින් ලකුණු 67 ක් රැස් කරගත්තේය.

වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු සමඟින් අවතීර්ණවීම වඩාත් සාධාරණීය කරණය කළ ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම ඉන්දීය දෙවැනි ඉනිමේත් කඩුලු 7 ක් දවාගත්හ. පළපුරුදු පන්දු යවන්නා වූ ඇඹුල්දෙණියගේ නම ඉදිරියෙන් කඩුලු 3 ක් ලියැවෙද්දී ජයවික්‍රම කඩුලු 4 ක් දවා ගත්තේය.

ඒ අනුව අද ආරම්භ වන තෙවන තරඟයේදී තවත් ලකුණූ 419ක් හඹා යාම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට පිවිසීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7