Cricket NewsEXCLUSIVESA20

ක්‍රිකට් ලෝකයේ නම් දැරූ පිතිකරුවන් සිය අභිරහස් පන්දුවෙන් පාලනය කරමින් මහිෂ් තීක්ෂණ SA-20 ලීගයේ සුපිරි දස්කම් දක්වයි.!

දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් පළමු වරට පැවැත්වෙන SA20 ප්‍රිමියර් ලීග් තරඟාවලිය මේ වන විට දැඩි තරඟකාරී මුහුණුවරක් ගෙන තිබෙන අතර ⁣පළමු වටයේ අවසන් තරඟ කිහිපය මේ වන විට පැවැත්වෙනවා.

තරඟාවලියේ 29 වන තරඟය ලෙස Joburg Super Kings කණ්ඩායම සහ MI Cape Town කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 76යක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Joburg Super Kings සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් MI Cape Town ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Joburg Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Joburg Super Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 189ක් රැස් කිරීමට සමත් වුණා.

Joburg Super Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Leus du Plooy පන්දු 48කදී ලකුණු 81ක් වාර්තා කිරීමට සමත් වුනා.

Matthew Wade ලකුණු 40ක් රැස් කළ අතර Donovan Ferreira ලකුණු 19ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Sam Curran සහ Jofra Archer කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 190ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි MI Cape Town පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 113ක් පමණයි

MI Cape Town ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Dewald Brevis ලකුණු 27ක් රැස් කල අතර Grant Roelofsen ලකුණු 21ක් රැස් කළා.

පන්දු යැවීමේදී පිතිකරුවන් මුලා කරන සිය අභිරහස් කැරම් පන්දුවෙන් නිසි ප්‍රයෝජන ලබාගත් මහිෂ් තීක්ෂණ සිය අපන්දු වාර 4තුල ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 16ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් බිඳ හෙලු අතර ඉන් පන්නරය ලබාගත් Kyle Simmonds සහ Gerald Coetzee කඩුලු තුන බැගින් දවා ගැනීමට සමත් වුනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7