Cricket NewsEXCLUSIVE

“දසුන් ශානක කියන්නේ දුෂ්කර කාලයක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබුණු විශිෂ්ට නායකයෙක්” – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් කියයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පසුගිය දා අද දෙරණ නාලිකාවේ විශේෂ ක්‍රීඩා වැඩසටහනකට එක්වී සිටියා.

මේ එහිදී මිකී ආතර් දැක්වූ අදහස් කිහිපයක්, “අපි දැඩි තීරණ කිහිපයක්ම ගත්තා. එවිට කුසල් ජනිත්ගේ ආබාධ තත්ත්වයත් සමග දසුන් ශානක කණ්ඩායමේ නායකයා වුණා. මම හිතන්නේ දසුන් ශානක කියන්නේ සීමිත පන්දුවාර ක්‍රිකට් වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතා හොද නායකයෙක්. ඔහු පැමිණියේ ඉතා දුෂ්කර කාලයක.”

“කණ්ඩායමේ ප්‍රධානීන් විදිහට එය ඔහුටත් මටත් දුෂ්කර කාලයක් වුණා. මොකද අපි සියල්ල බිද දමා නැවත අලූතින් ආරම්භ කළ නිසා. ඒත් සමග අපි පැතුම් නිස්සංක, චරිත් අසලංක වැනි ක්‍රීඩකයින් හදුනාගත්තා. ඒ වගේම මම කියන්න ඕන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, කලූ සහ හේමන්ත ඇතුලූ තේරීම් කමිටුව විශිෂ්ඨයි. මම හිතන්නේ ඔවුන් එදා සිට අද දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඉතා හොද සේවයක් කරනවා. අපි එකට වාඩී වී වෙනස් විය යුතු දේවල් ගැන වාද කළා, දේශීය ක්‍රිකට් ගැන ඔවුන්ගේ දැනුම විශිෂ්ඨයි. ”

“මට අවංකවම කියන්න පුළුවන් මම ඉවත්ව යන විට, මම එන අවස්ථාවට වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳ තැනක තිබුණා. ඉන්පසු මම, දසුන් සහ තේරීම් කමිටුව ගොඩනැගූ එම කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කරනවා දැකීම මට ගොඩක් සංවේදී සහ සතුටට කරුණක් වුණා.”

මිකී අතර මහතා සහබාගි වූ එම සම්පුර්ණ වැඩසටහන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7