Cricket NewsEXCLUSIVEILT20

අවසන් මහා තරඟයට පිවිසීමේ පළමු පියවර ජය ගැනීමේ අරමුණින්, දසුන් ශානක ඇතුළු Dubai Capitals අද රාත්‍රියේ MI Emiratesට එරෙහිව PLAY-OFF තරඟ වටය අරඹයි.!

ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) තරඟාවලියේ PLAY-OFF තරඟ වටය ඊයේ ආරම්භ වූ අතර එහිදී ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩක වනිඳු හසරංග ක්‍රිඩා කරන Desert Vipers කණ්ඩායම අවසන් මහා තරඟයේ සිය ස්ථාන තහවුරු කර ගනු ලැබුවා.

මෙවර තරඟාවලියේ Eliminater තරඟය අද ශ්‍රී ලංකා නායක දසුන් ශානක ක්‍රීඩා කරන Dubai Capitals කණ්ඩායම සහ MI Emirates කණ්ඩායම අතර තරඟය පැවැත්වීමට නියමිතයි. මෙම තරඟය ජය ගන්නා කණ්ඩායම ඊයේ පැවති Qualifier 1 තරඟය පරාජය වූ Gulf Giants කණ්ඩායම සමග Qualifier 02 තරඟය ක්‍රිඩා කරණ අතර එම තරඟයේ ජයග්‍රහයකයන් Dubai Capitals කණ්ඩායම සමග අවසන් මහා තරඟයට පිවිසෙනු ඇත. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ඇරඹීමට නියමිතය

අද තරඟයට ක්‍රිඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

MI Emirates

Andre Fletcher, Muhammad Waseem, Basil Hameed, Nicholas Pooran(w), Najibullah Zadran, Kieron Pollard(c), Dwayne Bravo, Jordan Thompson, Trent Boult, Imran Tahir, Fazalhaq Farooqi

Dubai Capitals

George Munsey, Robin Uthappa(w), Sikandar Raza, Rovman Powell(c), Dasun Shanaka, Yusuf Pathan, Jake Ball, Hazrat Luqman, Adam Zampa, Akif Raja, Fred Klaassen

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7