Cricket NewsEXCLUSIVEIPL

Chennai Super Kings වෙනුවෙන් මහිෂ් තීක්ෂණගෙන් සුපිරි පන්දු යැවීමක් – වැඩිම කඩුලු ලාභීන් අතරත් වේගයෙන් ඉදිරියට.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 29වන තරගය ලෙස මහිෂ් තීක්ෂණ ක්‍රීඩා කරන Chennai Super Kings සහ Gujarat Titans කණ්ඩායම අතර පැවති තරඟය මේ වන විතර පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 151ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 152ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන්ට එම ඉලක්කය පහසු කිරීමට මහිෂ් තීක්ෂණ ප්‍රමුඛ CSK පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහිෂ් තීක්ෂණ සිය පන්දුවාර 4තුල කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වුයේ ප්‍රතිවාදී පිතිකරුවන්ට සිය පන්දුවාර 4තුල ලකුණු 24 පමණක් ලබා දෙමිනි.

මහිෂ් මේ වන විට තරඟ 3කට පමණක් සහබාගි වී කඩුලු 6ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

මහිෂ්ගේ එම විශිෂ්ට කඩුලු දවා ගැනීම් පහතින් නරඹන්න

Vijay Shanaka Wicket

Abhinav manohar Wicket

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7