Cricket NewsEXCLUSIVEIPL

අවසන් පන්දුවාරයට කඩුලු 4ක් දවා ගනිමින් නම් දැරූ Punjab Kings පිතිකරුවන් අන්ත අසරණ කලා Umran Malikගේ විශිෂ්ට පන්දු යැවීම.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 28වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ Sunrisers Hyderabad කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Sunrisers Hyderabad කණ්ඩායම අද සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Sunrisers Hyderabad නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Punjab Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 151ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 152ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන් පන්දුවාර 18.5ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 152ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

මෙහිදී Sunrisers Hyderabad වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Umran Malik අවසන් පන්දුවාරයේ කඩුලු 4ක් දව ගැනීමට සමත් වුයේ නම් දැරූ පිතිකරුවන් දන ගස්වමිනි.

Umran Malik විසින් යොමු කල එම සුපිරි අවසන් පන්දුවාරය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7