Cricket NewsEXCLUSIVEIPL

Mumbai Indians පිට පිටම 7වන පරාජයත් උරුම කරමින් මහිෂ් තික්ෂනගේ Chennai Super Kings කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 33වන තරගය ලෙස Mumbai Indians කණ්ඩායම සහ Chennai Super Kings කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 3ක තියුණු ජයක් හිමි කර ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Chennai Super Kings කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Mumbai Indians කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Mumbai Indians කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 155ක් රැස් කිරීමට සමත් වුණා.

බිඳ වැටුණු Mumbai Indians ඉනිම ශක්තිමත් කරමින් විශිෂ්ට ඉනිමක් දියත් කළ Tilak Varma ලකුණු 51ක් වාර්තා කිරීමට සමත් වුනා.

Suryakumar Yadav ලකුණු 32ක් රැස් කළ අතර Hrithik Shokeen ලකුණු 25ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Mukesh Choudhary කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 156ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Chennai Super Kings පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 156ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Chennai Super Kings ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Ambati Rayudu ලකුණු 40ක් රැස් කල අතර Robin Uthappa ලකුණු 30ක් රැස් කළා.

තරඟයේ ජයග්‍රහණය සඳහා Chennai Super Kings කණ්ඩායමට අවසන් පන්දුවාරය සඳහා ලකුණු 17ක ඉලක්කයක් හිමි වූ අතර Chennai Super Kings කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සින් දෝණි අවසන් පන්දුවාරයේ දියත් කල සුපිරි පිතිකරණය ඔවුන් වෙත ජයග්‍රහණය රැගෙන අවා. එම අවසන් පන්දුවාරයේදී මහේන්ද්‍ර සින් දෝණි විසින් දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 2ක් එල්ල කරනු ලැබුවා.

පන්දු යැවීමේදී Daniel Sams කඩුලු 4ක් සහ Jaydev Unadkat කඩුලු 2ක් බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button