Cricket NewsEXCLUSIVEInternational

ඔස්ට්‍රේලියාවට එරෙහිව විශිෂ්ඨ ඉනිමක් දියත් කල පකිස්තානු නායක බාබර් අසාම් එක් ඉනිමකින් වාර්ථා රැසක් බිඳ දමයි – රිස්වාන්ගේනුත් සුපිරි ශතකයක්.!

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ නිමාව දුටු දෙවන ටෙස්ට් තරඟයේදී සමස්ත පකිතානු කණ්ඩායමේ ගෞරවය රැක ගන්නට පකිස්තානු නායක බාබර් අසාම් හට හැකිවිය.

ලකුණු 506 ක ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසි පකිස්තානය වෙනුවෙන් අබ්දුල්ලා ශෆීක්,බාබර් අසාම් හා මොහොමඩ් රිස්වාන් විශිෂ්ඨ ඉනිම් දියත් කරමින් තරඟය ජයපරාජයෙන් තොරව අවසන් කරන්නට සමත් විය.

ශෆීක් ලකුණු 96 ක් හා මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 104 ක් රැස් කරමින් නායක බාබර් අසාම් හට අගනා සහයක් ලබාදුන්නේය.ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ වාර්ථා වූ අග්‍ර ගණයේ ඉනිමක් දියත් කල පකිස්තානු නායක බාබර් අසාම් ලකුණු 196 ක් රැස් කරන්නට සමත් විය.ඒ පන්දු 425 කට මුහුණ දෙමිනි

එකී ඉනිම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පුරාවට බිහිවූ වාර්ථා කිහිපයක් පකිස්තානු පිල වෙනුවෙන් අලුත් කරන්නට නායක බාබර් සමත් වූයේ පස්වැනි දිනයේදී පකිස්තානු ගෞරවය සුරකිමිනි.

ටෙස්ට් තරගයක සිවුවැනි ඉනිමේදී පාකිස්තානය වෙනුවෙන් ඉනිමා වැඩිම ලකුණු (196) රැස්කළ පිතිකරුවා බවට බාබර් අසාම් පත් වූ අතර ටෙස්ට් තරගයක සිවුවැනි ඉනිමේදී පාකිස්තානය වෙනුවෙන් මුහුණ දුන් වැඩිම පන්දු සංඛ්‍යාවේ (425) වාර්ථාවද ඔහු තම නම ඉදිරියෙහි ලියාගත්තේය.

මීට අමතරව පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරගයක සිව්වැනි ඉනිමේදී මිනිත්තු 500කට වැඩි කාලයක් පන්දුවට පහරදුන් පළමු ක්‍රීඩකයා බවටද ඔහු පත් විය.

යුනිස් කාන් විසින් 2015 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 171 ක් රැස් කරමින් පකිස්තානු ටෙස්ට් නායකයෙකු රැස් කල ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්ථාව බිඳ දැමූ බබාර් විසින් සිවුවැනි ඉනිමේ එදා මෙදා තුර ටෙස්ට් නායකයකු රැස් කළ වැඩිම ලකුණු වාර්තාවද බිඳ දැමීය.

බබාර් එසේ බිඳ දැමුවේ එංගලන්තයේ හිටපු නායක මයිකල් ඇතර්ටන්ගේ ලකුණු 184 ක් වර්ථා කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button