Cricket NewsEXCLUSIVEIPL

Gujarat Titans කණ්ඩායමට එරෙහිව යැවූ ප්‍රථම පන්දුවාරයේදීම වනිඳු හසරංග සිය කඩුලු දඩයම අරඹයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 43වන තරගය ලෙස Gujarat Titans කණ්ඩායම සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalores කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Royal Challengers Bangalore කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 171ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Gujarat Titans ආරම්භක පිතිකරුවන් ලකුණු 51ක සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා.

අනතුරුව 7වන පන්දුවාරයේ පන්දුව අතට ගත් වනිඳු හසරංග එම පන්දුවාරයේ තෙවන පන්දුවේදිම එම ආරම්භක සබදතාව බිඳ හෙළීමට සමත් වන්නේ W. Sahaව දවා ගනිමිනි.

දැවී යන විට W. Saha පන්දු 22කට මුහුණ දි ලකුණු 29ක් රැස් කරගෙන සිටියා.

වනිදු හසරංගගේ පන්දුවක් හමුවේ W.Saha දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button