Cricket GossipCricket NewsEXCLUSIVE
Trending

කෝලිද හොද ? රෝහිත් ද හොද ? – එම ප්‍රශ්නයට බහින්බස් වීමක් නිසා RCB රසිකයකු විසින් Mumbai Indians රසියකු ඝාතනය කරයි..

විරාට් කෝලි යනු මෙම යුගයෙ විශිෂ්ඨයෙක් වන අතර රෝහිත් ශර්මා සුදු පන්දුවෙහි විශිෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස සැලකේ. කෙසෙ නමුත් IPL ගත් කල රෝහිත් ශර්මා නායකයකු ලෙස කෝලි අභිබවමින් කුසලාන 5ක් දිනා ඇත.

මොවුන් දෙදෙනාගෙන් වඩා කවුරුන්ද හොද යන්න තෝරා ගැනීමේදි ඇති වූ සංවාදයකදී පී විග්නේශ් නම් 24 හැවිරිදි තරුණයෙක් එස් ධර්මරාජ් නම් 21 හැවිරිදි තරුණකු ඝාතනය කර ඇති බව තමිල්නාඩුවෙන් වාර්තා වේ..

රෝහිත් ශර්මාගෙ රසියකු වන විග්නේශ් හා විරාට් කෝලි රසිකයකු වන ධර්මරාජ් පසුගිය අගහරුවාදා රාත්‍රියෙ මල්ලුර් අසල සිඩ්කො කර්මාන්ත පුර අසල IPL තරගාවලිය පිලිබඳව සාකච්ඡා කරමින් මත් පැන් පානය කර ඇත.

විග්නේශ් RCB කණ්ඩායම හා විරාට් කෝලිට සමච්චල් කරමින් ධර්මරාජ් ගැනද පෞද්ගලික අදහස් කිහිපයක් ප්‍රකාශ කිරීම නිසා ධර්මරාජ් විසින් විග්නේශ්ට බෝතලයකින් පහර දී පසුව ක්‍රිකට් පිත්තකින්ද හිසට පහර දී ඇත.

පහරදීමෙන් පසු ධර්මරාජ් පලා ගිය අතර සිඩ්කො කම්හලේ සේවය කල කම්කරුවන් විසින් විග්නේශ්ගෙ සිරුර සොයාගෙන පොලිසියට භාර දී ඇත. පසුව පොලිසිය විසින් ධර්මරාජ් අත් අත්අඩංගුවට ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button