Cricket GossipCricket NewsEXCLUSIVE

Maxwellගේ වෙඩින් පාටි එකේදි වනිඳුගෙ කඩුලු සැමරීම අනුකරණය කරමින් වනිඳු එක්කම විරාට් කෝලි දාපු ඩාන්ස් එක.!

Royal Challengers Bangalore කණ්ඩායම නියෝජනය කරන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Glenn Maxwell පසුගිය දවසක යුග දිවියට පිවිසුණු අතර, ඒ වෙනුවෙන් පැවැත්වුණු සාදයකට පසුගිය දා බොහෝ ක්‍රිකට් තරු එක්ව සිටියා.

Maxwell විවාහ වෙන්නේ ඉන්දියානු තරුණියක් සමඟයි. ඇය නමින් Vini Ramanවන අතර ඇය හින්දු ජාතික කාන්තාවක්.

මෙම විශේෂ සාදයට Royal Challengers Bangalore කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් එක්වී සිටි අතර ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ඒ වෙනුවෙන් එක් වී සිටියා.

එහි දී මෙම සුපිරි ක්‍රිකට් තරු ඉතා විනෝදයෙන් කාලය ගත කළ අතර එහිදී නර්තනයක දී වනිදු හසරංග කඩුල්ලක් ලබා ගත් පසු එය සමරන ආකාරය අනුකරණය කරමින් විශේෂ නර්තනයක් වනිඳු සමග එක්වී ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි ඉදිරිපත් කළා.

එම අපූරු වීඩියෝ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button