Cricket NewsEXCLUSIVEInternational

ඉන්දීය කණ්ඩායම දැඩි පසු බෑමක – දකුණු අප්‍රිකාව ඉදිරියේ 2-0ක් ලෙස දැවැන්ත තරඟාවලි පරාජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරඟ තුනකින් යුතු එක්දින තරඟාවලිය තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය කරන්නට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඊයේ (21) හැකි විය.

තරඟාවලියේ දෙවන තරඟය ඊයෙ දකුණු අප්‍රිකාවේ බොලන්ඩ් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක ලෝකේශ් රාහුල් දකුණු අප්‍රිකාවට මුලින්ම පන්දු රැකීමට ආරාධනා කර සිටියේය.මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුලදී කඩුලු 6 ක් දැවී ලකුණු 287 ක් රැස් කලේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රිශාබ් පාන්ට් පන්දු 71 කදී ලකුනු 85 ක් රැස් කලේය.එයට හතරේ පහර 10 ක් හා හයේ පහර 2 ක් අන්තරගත විය.නායක ලෝකේශ් රාහුල් ලකුණු 55 ක් රැස් කලේ හතරේ පහර දෙකක්ද සමඟිනි.ඉනිමේ අවසන් බාගයේදී යලිත් සක්‍රීය වූ ශර්දුල් තාකූර් ලකුණු 40 ක් රැස් කලේය.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටැබ්‍රේස් ශම්සි ලකුණු 57 ට කඩුලු 2 ක් බිඳ දැමීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 288 ක් හඹායෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාව පන්දුවාර 48 කුත් එක්පන්දුවක් අවසානයේදී කඩුලු 3 ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කර ගියේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ජෙනිමාන් මලාන් හා ක්වින්ටන් ඩිකොක් ලකුණු 132 ක ආරම්භක සබඳතාවක් ගොඩනැගුවේය.ක්වින්ටන් ඩිකොක් හතරේ පහර 7 ක් හා හයේ පහර තුනක් සමගින් පන්දු 66 කදී වේගවත් ලකුණු 78 වාර්ථා කලේය.

ශතකය ආසන්නයේදී ලකුණු 91 කට ජෙනිමාන් මලාන් දැවී ගියේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියාද වෙමිනි.ඔහුගේ ඉනිම හතරේ පහර 8 කින් හා එක් 6 පහරකින් වර්ණවත් විය.

රසී වැන්ඩර් ඩුසෙන් හා ඒඩ්න් මාක්‍රම් ලකුණු 37 බැගින් රැස් කලේය.පන්දු යැවීමේදී බුම්රා,චාහල් හා තාකූර් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

තරගයක් ඉතිරිව තිබියදී තරඟ 2-0 ක් ලෙස සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තරඟාවලිය ජයගත්හ.ටෙස්ට් තරඟාවලියද 2-1 ක් ලෙස දකුණු අප්‍රිකාව ජයගත් අතර ඉන්දීය නව නායකත්වය පිළිබඳවද විශාල ප්‍රශ්නාර්ථයක් ද ඉතිරි කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button