Cricket NewsEXCLUSIVE

ඊයේ තරඟය අතරතුර ආබාධයකට ලක් වූ වනිඳුගේ මාංශපේශි ඉරී යාමකට ලක්වී ඇති බව හෙළි වේ – ඊලඟ තරඟාවලියත් අහිමි වෙයි.!

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනය කේන්ද්‍ර කර ගනිමින් දෙවන වරටත් මෙවර පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ අවසන් වූයේ පසුගිය වසරේ ශූරයන් වූ Jaffna Kings කණ්ඩායමට මෙවරද ශූරතාවය හිමිකර දෙමිනි.

මේ අතර ඊයේ තරගයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්වෙමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මේ වන විට විස්සයි විස්ස ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක #01 පන්දු යවන්නා වන වනිදු හසරංග, ඊයේ අවසන් මහා තරඟයේදි පන්දුවක් රැක ගැනීමට යාමේදී පාදයේ ආබාධයකට ලක් වුණා.

වනිදු හසරංග සම්බන්ධයෙන් කළ වෛද්‍ය පරීක්ෂණ වලදී සනාත වී ඇත්තේ වනිදුගේ පාදේ මාංශපේෂි ඉරීමකට ලක්වී ඇති බවයි.

ඒ හේතුවෙන් එළඹෙන සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලියද වනිදු හසරංග ට අහිමි වී යනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

එමෙන්ම වෛද්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ වනිදු ගේ මෙම මාංශපේශි ඉරි යාම නැවත නැවත පෑරිමකට ලක් නොවනු ඇති බවත්, වනිදු ගේ ජානවල ශක්තිමත් පටක නිර්මාණය වීම වේගවත් බවත් ඒ හේතුවෙන් ඉතා ඉක්මනින් සුවය ලබා ගැනීමේ හැකියාව ද වනිදුට තිබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7