Cricket NewsEXCLUSIVEInternational

මුර­ලිට ඉන්දි­යා­වෙන් ‘ක්‍රිකට් පිටියේ ජාත්‍ය­න්තර ලකුණ’ ලෙස ගෞරව සම්මා­න­යක් ලැබේ.

ඉන්දි­යාවේ සුප්‍ර­කට ස්පෝර්ට්ස්ටාර් සඟ­රාවේ වාර්ෂික සම්මාන උලෙ­ළේදී මුත්ත­යියා මුර­ලි­ද­රන් ‘ක්‍රිකට් පිටියේ ජාත්‍ය­න්තර ලකුණ’ ලෙස ගෞරව සම්මා­න­යට පාත්‍ර විය. ටෙස්ට් පිටියේ කඩුලු 800 සම්පූර්ණ කළ පළමු හා එකම පන්දු යවන්නා වන මුර­ලි­ද­රන් පසු­ගි­යදා පැවති එම සම්මාන උලෙ­ළේදී ඉන්දීය පිලේ හිටපු නායක සුනිල් ගව­ස්කර් අතින් සම්මා­නය ලබා ගත්තේය.

ස්පෝර්ට්ස්ටාර් වාර්ෂික සම්මාන උලෙළේ පළ­මු­ව­රට පිරි­න­මනු ලැබූ එම සම්මා­න­යට මුර­ලි­ද­රන් තරම් සුදුසු තවත් ක්‍රීඩ­ක­යකු නැතැයි සම්මාන උලෙළේ සංවි­ධා­ය­ක­ව­රුන් වන ‘හින්දු’ පුව­ත්පත් ජාලය නිවේ­ද­නය කර තිබේ.

මෙහිදී අද­හස් පළ කළ මුර­ලි­ද­රන් කියා සිටියේ ඔහු දුටු පළමු ජාත්‍ය­න්තර තර­ග­යේදී සුනිල් ගව­ස්කර් සහ කපිල් දේව් ක්‍රීඩා කළ බවය. ගැටලු රැස­කට මුහුණ දුන් රට­කට ක්‍රිකට් ක්‍රීඩාව කොත­රම් වටි­න්නේ­දැයි පැහැ­දිලි කර­මින් මුර­ලි­ද­රන් වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත්තේ සියලු තරුණ කොට­ස්ව­ලට එක හා සමාන සතු­ටක් ගෙන දුන්නේ ක්‍රිකට් ක්‍රීඩාව පම­ණක් බවය. ක්‍රිකට් ක්‍රීඩාව රටේ වෙනත් ගැටලු සියල්ල මොහො­ත­කින් අම­තක කර දැමී­මට තරම් ප්‍රබල බවත් ඔහු කියා සිටි­යේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
3
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button