Cricket NewsEXCLUSIVEInternational

“මගේ ප්‍රධාන ඉලක්කය මීළඟ මාස 18 ඇතුළත පකිස්ථානයට ලෝක කුසලාන දෙකක් දිනා දීමයි” – පකිස්ථාන නායක බාබර් අසාම් කියයි.!

පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ආකෘති වන ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන අංශ තුනෙහිම නායකත්වය දරන්නේ සුපිරි පිතිකරු බාබර් අසාම්ය.

පසුගිය දා බාබර් අසාම් මාධ්‍ය සාකච්චාවකදී පවසා සිටියේ තමන් මේ වන විට පිතිකරණයෙන් උපරිම රිද්මයේ සිටින බව තමන් විශ්වාස කරන බවත් ඔහු බලාපොරොත්තු වන්නේ ඔහුගේ මෙම දස්කම් සහ කණ්ඩායමේ දස්කම් එක් කර පාකිස්තානය ලෝකශුරයන් බවට පත් කිරීම බවත්, එය ඔහුගේ කුඩා කල සිහිනයක් බවත් සඳහන් කර සිටියා.

මේ වන විට 27 හැවිරිදි වියේ පසු වන බාබර් අසාම් ජාත්‍යන්තර ක්‍රිකට් වල සියලුම ආකෘතින් හි ඔහුගේ ජීවිතයේ හොඳම රිද්මයෙන් සිටින අතර පසුගිය සතියේ එක්දින තරඟවල අවස්ථා දෙකකදී පිට පිට ශතක තුනක් ලබා ගත් පළමු පිතිකරුවා බවට ද ඔහු පත්විය.

මේ අතර අසාම් AFP මාධ්‍ය අංශය වෙත පැවසුවේ ඔක්තෝම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලානයේ සහ ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 50 එක්දින ලෝක කුසලානය වෙත මෙම සාර්ථකත්වය ගෙන නොයන්නේ නම් ඔහුගේ සාරවත් ස්වරූපයඑතරම් වටින්නේ නොමැති බවයි.

“මගේ මෙම රිද්මය සමඟින් මගේ ප්‍රධාන ඉලක්කය වන්නේ ඉදිරි වසර එකහමාර තුළ පාකිස්තානයට ලෝක කුසලාන දෙකක් දිනා ගැනීමයි, එය සිදුවුවහොත් මගේ ලකුණු රන් හා සමානව වටින බව මට හැගේවි” යනුවෙන් ඔහු එහ්දිඩ් ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button