Cricket NewsEXCLUSIVE

“අපි කුසලානයට පෙනී සිටින විට පල්ලෙකැළේ ක්‍රිකට් ප්‍රෙක්ශකයන් අපි වෙනුවෙන් ඔල්වරසන් නැගුවා, ඒක හරිම දීප්තිමත් සිදුවීමක්” – ඕස්ට්‍රේලියානු ක්‍රිඩක Marcus Stonis

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවති විස්සයි-20 තරඟාවලියේ ඊයේ පැවති අවසන් විස්සයි-20 තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් 2-1ක් ලෙස තරඟාවලිය ගවුරවන්විතව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

එහිදී අවසන් පන්දුවාර 3ට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 59ක් අවශ්‍ය වූ අතර එම අවස්ථාවේ පිටියේ සිටි නායක දසුන් ශානක සහ චාමික කරුණාරත්න සාර්ථකව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය අතර විශිෂ්ට පිතිහරඹයක් දියත් කල ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු 25ක් තුල ලකුණු 54ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනූව ලෝක ශුරයන්ට එරෙහිව 2-1ක් ලෙස තරඟාවලිය ගෞරවාන්විතව නිමා කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර පෙර තරඟ ද්විත්වයම ජය ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරඟාවලියේ ජයග්‍රහයකයන් ලෙස කිරුළු පැළදුවා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශුරයන් ලෙස කිරුළු පළඳින අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රෙක්ශකයන්ගෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමටත් උණුසුම් පිළිගැනිමක් ලැබුනා.

ඒ පිළිබඳව තරඟයෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රිඩක Marcus Stonis අදහස් දක්වා සිටි අතර ඔහු සඳහන් කලෙ ශ්‍රී ලංකා ප්‍රෙක්ශකයන් ඔවුන් වෙනුවෙන් සතුට ප්‍රකාශ කිරීම දීප්තිමත් අවස්ථාවක් ලෙසටයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ Marcus Stonis,


“අපි කුසලාන ඡායාරූප වලට පෙනී සිටින විට පල්ලෙකැලේ ප්‍රේක්ෂකයන් ඔසීස් ඔසීස් යැයි කෑ ගැහුවා.එය දීප්තිමත් අවස්තාවක්.මම පරාජයට අකමැති කෙනෙක්.

නමුත් එය (දසුන්ගේ ඉණිම) විශිෂ්ට ඉනිමක්.එය ප්‍රේක්ෂකයන්ට වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් වලටත් ඉතාමත්ම වැදගත් වේවි.

ශ්‍රී ලංකාව මෙවන් අර්බුදකාරි තත්වයක පවතින අවස්ථාවක ශ්‍රී ලංකාවට පැමිණීම ගැන තරඟ වලදීද ක්‍රිකට් රසිකයන් විවිද බැනර්ස් සහ ප්‍රචාරක පුවරු මගින් ඕස්ට්‍රේලියානුවන්ට ස්තූතිය පළ කර තිබූ ආකාරයද දැක ගැනීමට හැකි වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7