Cricket NewsEXCLUSIVE

“අපි දැනගෙන හිටියා දසුන් ශානක ඕවර් 20 බැට් කරොත් කොහොමහරි තරඟය දිනනවා කියලා” – තරඟයෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී භානුක් අරජපක්ෂ කියයි.!

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස තරගයාවලිය 2-1 ලෙස ඕස්ට්‍රේලියාව ජය ගත්තද , ඊයෙ පැවති අවසන් තරගය විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රි ලංකා කණ්ඩායමට හැකි උනා.

තරගයේ ජය මුලුමනින්ම ඕස්ට්‍රේලියාව මතට හැරි තිබු අවස්ථාවක දසුන් ශානකගෙ හා චාමික කරුණාරත්නගෙ සබදතාවය හේතුවෙන් ශ්‍රි ලංකාව ජයග්‍රහණ මාවත සදහා රැගෙන ගියා.

මේ අතර තරගයෙන් පසු භානුක රාජපක්ෂ මාධ්‍ය මෙත පවසා සිටියේ මෙවන් අදහසක්.

“අපි හැම තරගයක්ම ක්‍රීඩා කරන්නෙ දිනන්න බලාගෙන, මේ ජයග්‍රහණය අපිට ලොකු හයියක් ඉදිරි තරග වලට. මම නො 03 ක්‍රීඩා කරන්න ආස උනාට අපි දැක්ක චරිත් ඒ ස්ථානයේ හොදට ක්‍රීඩා කරනව. නො 05 ගැහුවත් 03 ගැහුවත් මගෙ වගකීම ලකුණු රැස් කරන එක. දසුන්ගෙ ඉදන් කෝච් වෙනකන් අපිට නිදහස දීලා තියෙනව. දසුන්ගෙ ඉනිම අති විශිෂ්ඨ ඉනිමක්, ඒ විශිෂ්ඨ නායකත්වයෙ ඉනිමක්. එයාට ලොකු ටැලන්ට් එකක් තියෙනව එහෙම 6 ඒවා ගහන්න. ”

එමන්ම ඊයේ තරඟයේ දසුන්ගේ විශිෂ්ට ඉනිම පිළිබඳව ද භානුක රාජපක්ෂ මෙහිදී අදහස් පල කර සිටියා,

“ඒක අතිවිශිෂ්ඨ ඉනිමක්. අපි දන්නවා එයා තරඟ දිනවන්නෙක් කියලා. එයාගේ ආරම්භකක කාලයේ ඉදන්ම බැලුවාම පේනවා තරඟ 3, 4ක් වගේ දිනවලා තියනවා. විස්සයි විස්ස තරඟ ක්‍රීඩා කරද්දී හැමදාම ලකුණු ගහන්න අමාරුවෙනවා. හැබැයි ගහන දවසට අපේ ප්ලෑන් එක තමයි ගහන කෙනා ලොකු ඉනිමක් ක්‍රීඩා කරන්න. දසුන් විශිෂ්ට නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරලා අපිව ජයග්‍රහණය කරා ගෙන ගියා. ”

“ඔහු පන්දු 11කදී ලකුණු 3ක් ලබාසිටියදී ඇත්ත වශයෙන්ම අපිට පීඩනයක් ආවා. මොකද අපිට ජයග්‍රහණයට ලොකු ලකුණු ප්‍රමාණයක් තිබුණ නිසා. නමුත් අපි දැනගෙන හිටියා දසුන් ශානක ඕවර් 20 බැට් කරොත් කොහොමහරි තරඟය දිනාවි කියලා. මොකද ඔහුට ලොකු ටැලන්ට් එකක් තියනවා ඒ විදියට හයේ පහරවල් ගහන්න.”

එම මාධ්‍යය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7