Cricket KnowledgeCricket NewsEXCLUSIVELPLPremier League

තරග පාවාදීම සදහා යෝජනා කිරීමට LPL T20 වෙන්දේසියට පැමිණි කණ්ඩායම් සාමාජිකයකු අත් අඩංගුවට.

අද පෙරවරුවේ EK650 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය පුරවැසිහාවය හිමි පුද්ගලයෙකු ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන කරනු ලබන නඩු කටයුත්තක් මත විදෙස් ගමන් තහනමක් පනවා තිබීම හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ ආගමන විගමන නිලධාරීන් විසින් රදවා තබා ගෙන ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාර දී තිබෙනවා.

මෙම පුද්ගලයා මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක සංවිධායක ලෙසද ක්‍රියාකිරීමට බලාපොරොත්තුවෙන් සිටි අයෙකි.

මොහු 2024.05.22 වන දින ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත භාර දීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button