Cricket NewsEXCLUSIVE

ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන ආසියානු කුසලාන සමාරම්භක තරඟයේදී මතීෂ පතිරණ සහ ඩිල්ශාන් මදුශංක ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි-20 වරම් හිමි කර ගනී.!

ආසියානු ප්‍රභලයන් තරඟ වදින ආසියානු කුසලාන තරඟාවලිය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දැන් පැවැත්වෙන තරඟයෙනි.

මෙවර තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් දරන අතර අද තරඟය පැවැත්වෙනනේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදිය.

ආසියානු කුසලාන සමාරම්භක තරඟය වන අද දිනයේදි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක ශ්‍රී ලංකා වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගැනීමට සමත් වුණා.

මෙම වසර ආරම්භයේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී දස්කම් දැක්වීමට සමත් වූ මතීෂ පතිරණ, පසුගියදා නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Chennai Super Kings කණ්ඩායම නියෝජනය කළ අතර එහිදී ඔහු සිය මංගල තරඟය ක්‍රීඩා කරමින් කඩුලු දෙකක් දවා ගැනීමටද සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවෙන් බිහිවූ වේග පන්දු පුරාවෘත්තයක් වන ලසිත් මාලිංග පන්දු යවන ඉරියව්වට බොහෝ සෙයින් සමාන ඉරියව්වකින් පන්දු යවන මතීෂ පතිරණව, මේ වන විටත් “Baby Maling” ලෙස ප්‍රේක්ෂකයන් අතරට ගොස් අවසන්.

එමෙන්ම පසුගිය වර්ණ සංග්‍රාමයේ ඉතා ඉහල දස්කම් දැක්වූ ඩිල්ෂාන් මදුශංක ඒ අනුව ශ්‍රී ලංකා සංචිතයට පැමිණියා.

ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර විස්සයි-20 පිටිය නියෝජනය කරන 95වන ක්‍රිඩකයා ලෙස අදින් ආරම්භ වන මතීෂ පතිරණගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සහ 96වන ක්‍රිඩකයා ලෙස ඩිල්ෂාන් මදුශංක ක්‍රිකට් දිවියට SixCricket අපෙන් උණුසුම් සුභ පැතුම්.

අද තරඟයට ක්‍රිඩා කරන සංචිත පහතින්,
ශ්‍රී ලංකා සංචිතය

Danushka Gunathilaka
Pathum Nissanka
Kusal Mendis
Charith Asalanka
Bhanuka Rajapaksa
Dasun Shanaka
Wanindu Hasaranga
Chamika Karunaratne
Maheesh Theekshana
Dilshan Madushanka
Matheesha Pathirana

ඇෆ්ගනිස්ථාන සංචිතය

Rahmanullah Gurbaz
Hazratullah Zazai
Ibrahim Zadran
Karim Janat
Najibullah Zadran
Mohammad Nabi
Rashid Khan
Azmatullah Omarzai
Naveen-ul-Haq
Mujeeb Ur Rahman
Fazalhaq Farooqi

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button