Cricket NewsEXCLUSIVE

ක්‍රිකට් විචාරකයන් පවා විවේචනය කළ, පැතුම් නිස්සංකට පිටියේ විනිසුරු සහ තෙවන විනිසුරු ලබා දුන් දුර්වල තීන්දුව.!

ආසියානු ප්‍රභලයන් තරඟ වදින ආසියානු කුසලාන තරඟාවලිය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දැන් පැවැත්වෙන තරඟයෙනි

මෙවර තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් දරන අතර අද තරඟය පැවැත්වෙනනේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදිය.

අද තරඟයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තාන නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කර සිටියා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිය සුපුරුදු දස්කම් දැක්වීමට අද හැකියාව ලැබුනේ නැහැ. ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ගේ මනා පාලනයක් සහිත පන්දු හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් එකා පිට එකා දැවී ගියා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ දැවී යාම දැඩි මත බේදයකට තුඩු දුන්නා.පැතුම් සැබවින්ම දැවී නොගිය ක්‍රිඩකයෙකු බවටයි ලොව පුරා ක්‍රිකට් විශ්ලේශකයන් පවා ප්‍රකාශ කර සිටියේ.

විශේෂත්වය වන්නේ තෙවන විනිසුරු පවා එය දැවී යාමක් බව පැවසීමයි.

දැඩි මතබේදයකට තු⁣ඩු දුන් පැතුම්ගේ දැවී යාම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7