Cricket NewsDomestic CricketEXCLUSIVE

දකුණු වැලමිටෙහි ඇති වූ ආබාධය හේතුවෙ ශල්‍යකර්මයකට භාජනය වීම සඳහ සුරංග ලක්මාල් මෙවර එංගලන්ත ප්‍රාන්ත තරඟාවලියෙන් ඉවතට !

Suranga Lakmal joins a rare list of captains in Test cricket | Daily News

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එංගලන්තයේ ඩර්බිශයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟින් සුරංග ලක්මාල් වසර දෙකක කාලයක් සඳහා ගිවිසුම් ගතවිය.මේ වසරේ ප්‍රාන්ත ශූරතාවලියට ඩර්බිශයර් නියෝජනය කරමින් එක්වූ සුරංග හොඳින් කඩුලු ලබාගන්නට සමත් විය.

ලෙස්ටර්ෂයර් කණ්ඩායමට එරෙහිව ඩර්බිශයර් වෙනුවෙන් මංගල කඩුලු 5 ද සුරංග ලක්මාල් පසුගියදා වාර්ථා කලේය.කෙසේ නමුත් ඩර්බිශයර් කණ්ඩායම වාර්ථා කරන්නේ ඔහුගේ වැලමිට ප්‍රදේශයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත්ව අති බවය.

ආබාධයකට ලක්වූ ඔහුගේ දකුණු ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ශල්‍යකර්මයක් අවශ්‍ය බව සඳහන් වේ.පසුගියදා නොටින්හැම්ෂයර් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන්ද සුරංග ඉවත් වූයේ ඒ ගැටලුව සමඟිනි.

2nd Test: Suranga Lakmal leaves New Zealand 51/4 at lunch on day one of Boxing Day Test | Cricket Country

ඩර්බිශයර් ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් සුරංගගේ තත්වය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ

“ක්‍රීඩකයෙකු අහිමි වීම කිසිවිටෙකත් සතුටක් වෙන්නෙ නෑ.සුරංග ඩර්බිෂයර් සමඟ ඔහුගේ කාලයට ධනාත්මක ආරම්භයක් ලබාගත්තා. ඔහුගෙ ආබාධය තරමක් දරුණුයි. ඒනිසා දැන් එය නිවැරදිව නිරාකරණය කර ඇති බවට වග බලා ගැනීම සිදුකල යුතුයි, එබැවින් ඔහු ලබන වසරේ නැවත පැමිණ අප සමඟ හොඳින් කිරීමට ප්‍රමුඛ වනු ඇත.”

“සුරංග අප වෙත ගෙන ආ දේ ගැන ප්‍රමාණවත් තරම් කතා කරන්නට බැහැ.නොටින්හැම්ෂයර්ට එරෙහි තරගයේදී ඔහු අපගේ පන්දු යැවීමේ ප්‍රතිවාදීන්ට ඇති කළ බලපෑම ඔබට දැක ගත හැකි යැයි මම සිතනවා”

යනුවෙන් මිකී ආතර් සඳහන් කර සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button