Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් අරඹයි – මැතිව්ස්, දිමුත්, ලක්මාල් සහ රෝශේනුත් කලකට පසුව ශ්‍රී ලංකා ජර්සියෙන් සැරසෙයි.!

ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියට අදාළව සංචාරක කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ප්‍රථම තරඟය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

හෙට තරඟයේ දී කලක් පුරාවට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දක්නට නොලැබුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල් සහ රොශේන් සිල්වා යන ක්‍රීඩකයින් ද ශ්‍රී ලංකා සංචිතයට නැවත කැඳවා තිබෙනවා.

එමෙන්ම නව ක්‍රීඩකයින් හතර දෙනෙකු ද මෙවර සංචිතයට ඇතුළත්ව තිබෙන අතර ඒ චරිත් අසලංක,කමිල් මිශාර, චාමික ගුණසේකර සහ සුමින්ද ලක්ශාන්ය.

ඒ අනුව මෙම තරඟාවලිය ඉලක්ක කරමින් විශේෂ පුහුණු වැඩමුළුවකටද ශ්‍රී ලංකා කණ්ඩායම එක්ව සිටි අතර කලකට පසුව ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්ක පුහුණුවීම් කරනවා ද දක්නට ලැබුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පුහුණුවීම්වල නිරත වන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් පහතින්

01

02

03

04

05

06

07

08

09

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button