Cricket NewsEXCLUSIVEInternational

“අවසන් මාස කීපයේදී මමත් ඇතුළු අපි කවුරුත් රතු බෝලෙන් ක්‍රීඩා කරලා නෑ එකම තරගයක් වත්. ඒකයි ගොඩක්ම තියෙන අභියෝගය. හෙට තරගයේදී විශේෂඥ පන්දු යවන්නන් තුන්දෙනාම ක්‍රීඩා කරනවා” – ශ්‍රි ලංකා නායක දිමුත් කියයි

Rankings is the keyword': Dimuth Karunaratne wants Sri Lanka to reach top four in Test and ODI

“අවසන් මාස කීපයේදී මමත් ඇතුළු අපි කවුරුත් රතු බෝලෙන් ක්‍රීඩා කරලා නෑ එකම තරගයක් වත්. ඒකයි ගොඩක්ම තියෙන අභියෝගය. ගොඩක් කාලෙකට පස්සේ හැමෝම ටෙස්ට් තරගයකට සෙල්ලම් කරන්නේ. ඒ වගේම අපි කවුරුත් දවස් තුනේ තරගයක්වත් ක්‍රීඩා කරලා නෑ. පළමු ටෙස්ට් තරගය නිසා හැමෝටම තිගැස්සීම් තියෙනවා අපිට මේක හොඳට කරගන්න පුලුවන් වෙයිද කියලා” යැයි ‘රතු’ පන්දුවේ සහ ‘දින පහේ’ අභියෝගය පිළිබඳව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සඳහන් කර සිටියේය.

“හෙට තරගයේදී විශේෂඥ පන්දු යවන්න් තුන්දෙනාම ක්‍රීඩා කරනවා” යැයි දිමුත් පවසා සිටි දිමුත්, “මොකද ඔවුන් හෙට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් එකලොස් දෙනා අතර වමත් පිතිකරුවන් ඉන්නේ දෙන්නෙක් විතර නිසා. ඒ හින්දා අපිට වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනා ක්‍රීඩා කරවන්න ඕන වුණා. ඒ වගේම ඔවුන් දෙදෙනා පසුගිය තරග වලදී ඉතාම හොඳට ඔවුන්ගේ කාර්යය කරපු ක්‍රීඩකයින්” යනුවෙන් සිය තීරණය වඩාත් සාධාරණීයකරණ කළේය.

“ඇත්තටම අපේ පිතිකරුවන් 6 දෙනෙක් ක්‍රීඩා කරන නිසා පිතිකරණයේ පොඩි අඩුවක් තියෙනවා. නමුත් නායකයෙක් විදියට මමත් මගේ අනෙක් පිතිකරුවනුත් ඒක විශාල වගකීමක් විදියට අරගෙන හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපිට හොඳ ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවට රඳවා ගන්න හැකි වුණොත් මම හිතනවා දඟ පන්දු යවන්නන් තුන්දෙනාට මේ තරගාවලියේදී ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා” යැයි දිමුත් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7