Cricket NewsEXCLUSIVEIPL

IPL 2022 තරඟාවලියේ භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings කණ්ඩායමේ නායකත්වය Mayank Agarwal හට හිමි වෙයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය නව මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඒ මින් පෙර කණ්ඩායම් 8ක් පමණක් ක්‍රිඩා කරන ලද IPL තරඟාවලියට මෙවර නව කණ්ඩායම් 2ක් ද එක් වී මුළු කණ්ඩායමේ සංඛ්‍යාව 10ක් වීම හේතුවෙනි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙකු ද සුදුසුකම් ලබාගෙන තිබෙන අතර ඒ පිළිවෙළින් පහත ආකාරයටයි.

වනිදු හසරංග – රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්

දුෂ්මන්ත චමීර – ලක්නව් සුපර් ජයන්ට්ස්

මහීෂ් තීක්ශන – චෙන්නායි සුපර් කිංග්ස්

චාමික කරුණාරත්න – කොල්කටා නයිට් රයිඩර්ස්

භානුක රාජපක්ෂ – පන්ජාබ් කිංග්ස්

මීට අමතරව න්දීය ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට දසුන් ශානක හටද ඉන්දීය ප්‍රිමියර් ලීග් හි අවස්ථාවක් ලැබීමට නියමිතව තිබෙනවා.

මේ අතර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන Punjab Kings කණ්ඩායමේ නායකයා ලෙස Mayank Agarwal පත්කිරීමට Punjab Kings කළමනාකරුවන් තීරණය කර තිබෙනවා.

මීට පෙර Punjab Kings කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවේ KL Rahul වන අතර ඔහු මෙවර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග එක්ව සිටිනවා.

2018 වසරේ සිට Mayank Agarwal විසින් Punjab Kings කණ්ඩායම නියෝජනය කරන අතර මීට පෙර Punjab Kings කණ්ඩායමේ උප නායකයා ලෙස ද ඔහු කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරුවෙ භානුක රාජපක්ෂ IPL හි නියෝජනය කරනු ලබන්නේ ද Punjab Kings කණ්ඩායම වන අතර ඒ අනුවඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ භානුක රාජපක්ෂගේ නායකයා වනුයේ Mayank Agarwal ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7