Cricket NewsEXCLUSIVE

ලෝක කුසලාන සුපර් ලිග් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව පසු බසී – බංගලාදේශය පෙරමුණට.!

2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින තරඟාවලිය ට කෙලින්ම සුදුසුකම් ලබාගන්නා රටවල් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ලෝක කුසලාන සුපර් ලිග් ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පසුබැස තිබෙනවා.

ඒ බංග්ලාදේශය සමග ඊයේ පැවති තරගයෙන් කඩුලු කඩුලූ 7 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වීමත් සමඟයි.

මිට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එම ප්‍රසාද ලකුණු සටහන පස්වන ස්ථානයේ රැඳී සිටියා. ඒ තරග 18ක් ක්‍රීඩා කර ඉන් තරග 6ක් පමණක් ජය ගෙන ප්‍රසාද ලකුණු 62ක් රැස්කර කර ගනිමිනුයි

ලෝක කුසලාන සුපර් ලිග් ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ පසුවන්නේ සහභහභාගි වූ තරඟ 15න් තරඟ 10ක් ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායමයි.

ඔවුන් මේ වන විට ප්‍රසාද ලකුණු 100ක් ලබාගෙන එහි පෙරමුණේ පසුවන අතර දෙවන ස්ථානයේ පසුවන්නෙ ක්‍රීඩාකල තරඟ 15න් තරග 9ක් ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායමයි.

තෙවන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 79ක් රැස්කරගෙන සිටින ඉන්දියා කණ්ඩායමයි.

ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button