Cricket NewsEXCLUSIVE

ඇඹුල්දෙණිය, ප්‍රවීන් ඇතුළු දඟ පන්දු යවන්නන්ගෙ විශිෂ්ට පන්දු යැවීම හමුවේ විරාට් කෝලි, රෝහිත් ප්‍රමුඛ ප්‍රභල ඉන්දීය ඉණිම සුණු විසුණු වෙයි.!

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරගය අද M. Chinnaswamy Stadium හිදී ආරම්භ වුණා.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය නායක Rohit Sharma ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 59.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 252ක් පමණයි.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර ඒ අනුව පසුගිය තරඟයේ දී දැවැන්ත ඉනිමක් නිර්මාණය කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 252කට සීමා කිරීමට හැකියාව ලැබුණා.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුඉලාභියා වූ Shreyas Iyer ලකුණු 92ක් රැස් කිරීමට සමත් වුණා.

Rishad Pant ලකුණු 39 ක් රැස් කළා, Hanuma Vihari ලකුණු 31ක්, විරාට් කෝලි ලකුණු 23ක් සහ නායක Rohith Sharma ලකුණු 15ක් රැස් කළා.

අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 15වේ සීමාව ඉක්මවා යාමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ අතර ඊට කදිම සවියක් දුන් ප්‍රවීන් ජයවික්‍රමද කඩුලු 3ක් සහ ධනංජයද සිල්වා කඩුලු 2 බැගින් බිඳ හෙළමින් ප්‍රතිවාදී පිතිකරුවන් අඩපණ කිරීමට සමත් වුණා.

සිය අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟය ක්‍රිඩා කරන සුරංග ලක්මාල් පළමු ඉනිමේදී එක් කඩුල්ලක් බිඳ හෙලීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙපළ වන දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න ක්‍රීඩාංගනය ද පිවිසීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button