Cricket NewsEXCLUSIVEInternational

ආරම්භක පිතිකරණය පහසු නෑ, අවිශ්කට තව තරඟාවලි කිහිපයක් දෙන්න ඕන – ශ්‍රි ලංකා එක්දින නායක කුසළ් මෙන්ඩිස්

එක්දින තරග වලදී දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටින අවිශ්ක ප්‍රනාන්දු කෙරේ තේරීම් කමිටුව මෙන්ම නායකයාත් විශ්වාසය තබා තිබේ. සිය අවසන් එක්දින තරගාවලි දෙකේදීම, ඉනිම 6 කදී අවිශ්ක කළ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ 5, 20, 1, 0, 4 ක් සහ 0 ක් වශයෙනි.

“ආරම්භක පිතිකරුවන්ගේ කාර්ය භාරය පහසු එකක් නෙමේ. දෙපැත්තෙන් අලුත් බෝල දෙකක් යොදාගන්නේ. ඒ නිසා ඒ දෙන්නගේ ක්‍රීඩාව එකිනෙකාට වටහා ගන්න කාලයක් දෙන්න ඕනේ” යයි කී කුසල් මෙන්ඩිස්…

“මම වුණත් කීප දෙනෙක් එක්ක ඉනිම ආරම්භ කරලා තියෙනවා. සමහර වෙලාවට, එක එක පිතිකරුවන් එක්ක එක තරගාවලි සෙල්ලම් කරන එක ගොඩක් අමාරුයි. ඒක ඒ වෙලාවේ ලකුණු අතර ඉන්න පිතිකරුවාට උණත් අමාරුයි. ඒ නිසා අපි කතාකරලා තියෙනවා, අවිශ්කටයි, පැතුම්ටයි තවත් තරගාවලි එකක් දෙකක් දෙන්න” යයි ද කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button