Cricket NewsEXCLUSIVEInternational

මම අවුරුදු 8 ක් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ඉඳලත්, සෙල්ලම් කරලා තියෙන්නේ ලීග දෙකක විතරයි, ඒත් ගුර්බාස් ලීග කිහිපයකම සෙල්ලම් කරලා තියෙනවා – ශ්‍රි ලංකා එක්දින නායක කුසළ් මෙන්ඩිස්

ලෝක කුසලාන තරගාවලියේදී ලද අන්ත පරාජයෙන් පසුව, 2024 වසර ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැති එක්දින තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. එහෙත් එම තරගාවලියේ ප්‍රතිඵලය මගින් අන්තර්ජාතික ශ්‍රේණිගත ලයිස්තුවට බලපෑමක් එල්ල නොවිණ. ශ්‍රී ලංකා කණ්ඩායම 7 වැනි ස්ථානයේත් සිම්බාබ්වේ පිල එතැනමත් සිටියේය. එහෙත් මේ වතාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම හමවේ ඇති අභියෝගය සැහැල්ලුවෙන් ගත හැක්කක් නොවේ.

නිමාවූ ලෝක කුසලාන තරගාවලියේදී හිටපු ලෝක ශූරයන් තිදෙනකුව (ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්තානය) අසරණ කළ ඇෆ්ඝනිස්ථානුවෝ, ඕස්ටේ්‍රලියානු පිලේ කඩුලු 7 ක් ලකුණු 91 කට බිම දැමූහ. ඒ අවස්ථාවේදී පිටියට පිවිසි ග්ලෙන් මැක්ස්වෙල්, 22 වැනි ඕවරයේදී දුන් උඩපන්දුව රැකගැනීමට මුජිබුර් රහීම්ට හැකිවූයේ නම්, ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාවත් ඇෆ්ඝනිස්ථානුවන්ට තිබිණ.

සැබවින්ම මෙම ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම සුළුවෙන් තැකිය හැකි කණ්ඩායමක් නොවේ.

“ඇෆ්ඝනිස්ථානය තවදුරටත් අත්දැකීම් නැති කණ්ඩායමක් හැටියට සලකන්න බෑ. ඒගොල්ල ගොඩාක් ලීග් ක්‍රිකට් ගහනවා. මම අවුරුදු 8 ක් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ඉඳලත්, සෙල්ලම් කරලා තියෙන්නේ ලීග දෙකක විතරයි. ඒත් ගුර්බාස් වගේ ක්‍රීඩකයෙක්, මේ තරම් පොඩි කාලයකදී, ලීග කිහිපයකම සෙල්ලම් කරලා තියෙනවා.” යයි කුසල් මෙන්ඩිස් කීවේ තත්ත්වය වටහාගෙන සිටින බැවිනි.

“ඒවායේදී ඔවුන් ලෝකයේ හොඳම ක්‍රීඩකයන්ට එරෙහිව වගේම සියලුම ආකාරයේ තරග තත්ත්වයන් යටතේදීත් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ හින්දා මේ ගොල්ලත් එක්ක වැරදි කරන්න බෑ” යයි ද නායකයා කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button