Cricket NewsEXCLUSIVEInternational

LPL තරඟාවලියටත් ක්‍රීඩා කිරීමට ලංකාවට පැමිණි මොහොමඩ් හෆීස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි.!

පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයකු වන මොහොමඩ් හෆීස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය වසර 18ක් පුරාවට විහිදී තිබෙන අතර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට මේ ආකාරයෙන් සමු දුන්නද, ඉදිරියටත් ඔහු ලොව පුරා පැවැත්වෙන විස්සයි-20 ලීග් තරග (T20 franchise cricket) සදහා ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.

2003 වසරේ දී පකිස්ථානය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගත් මොහොමඩ් හෆීස් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරගය වන්නේ පසුගිය නොවැම්බර් මාසයේ දී නිමා වූ විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කල අවසන් පූර්ව තරගයයි.

මොහොමඩ් හෆීස් ජාත්‍යන්තර පිටියේ දී පකිස්ථානය වෙනුවෙන් ටෙස්ට් තරග 55ක්, එක්දින තරග 218 ක් හා විස්සයි-20 ජාත්‍යන්තර තරග 119 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී තරග රටා ත්‍රිත්වයේ දී ම ලකුණු 12,780 ක් ඔහු විසින් රැස් කර තිබෙනවා.

පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයද දරා ඇති මොහොමඩ් හෆීස් 2012 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පාකිස්තානය රැගෙන යාමට සමත් වු නායකයාද වනවා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7