Cricket NewsEXCLUSIVEWoman Cricket

නැවතත් ශ්‍රී ලංකා – ඉන්දියා අවසන් මහා තරඟයක් : පකිස්ථාන කාන්තා කණ්ඩායම පහසුවෙන් පරාජය කරමින් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරඟයට.!

චීනයේ හංජෝ හිදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඊයේ (24) සමත් විය. අවසන් මහ තරගයේදී ජය ලබන කණ්ඩායමට එම ඉසව්වේ රන් පදක්කම හිමිවන අතර පරාජයට පත්වන කණ්ඩායමට රිදී පදක්කමින් සෑහීමකට පත්වීමට සිදුවනු ඇත.

පළමු අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කරමින් ඉන්දීය ක්‍රීඩිකාවෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී පාකිස්තානයට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමිනි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර රන් සහ රිදී පදක්කම් සඳහා පැවැත්වෙන අවසන් මහ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (25) පෙරවරු 11.30 ට ආරම්භ වීමට නියමිතය. බංග්ලාදේශය සහ පාකිස්තානය අතර ලෝකඩ පදක්කම සඳහා පැවැත්වෙන තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 6.30 ටය.

 

පාකිස්තාන කාන්තා කණ්ඩායම – 75/9 (20)
(ශවාල් සුල්ෆිකර් 16, උදේෂිකා ප්‍රබෝධනී 21/3, කවීෂා දිල්හාරි 15/2)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 77/4 (16.3)
(චමරි අතපත්තු 14, අනුෂ්කා සංජීවනී 15, හර්ෂිතා මාධවී 23, නිලක්ෂි ද සිල්වා නොදැවී 18)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button