Cricket NewsEXCLUSIVESocial Reaction

ශ්‍රී ලංකාව ගැන දැඩි විමසිල්ලෙන් පසු වන හිටපු පුහුණුකරු මිකී ආතර්ගෙන් ශ්‍රී ලංකා ජයග්‍රහණයටත් පැතුම්,චන්දි,චරිත්ගේ පිතිකරණයටත් පැසසුම්.!

සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ තරග සංචාරය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

එම ජයග්‍රහණයේ විශේෂත්වය වන්නේ ඊයේ තරගයට ක්‍රිඩා කල ශ්‍රී ලංකා කණ්ඩායමට දුෂ්මන්ත චමීර, වනිදු හසරංග, භානුක රාජපක්ෂ, අවිශ්ක ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයින් ක්‍රීඩා නොකිරීමත් ඒ වෙනුවට තරුණ ක්‍රීඩකයින් රැසක් කණ්ඩායමට ක්‍රීඩා කිරීමත්ය.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 296 ක් රැස් කිරීමට සමත් වූ අතර එම දැවැන්ත ලකුණු පුවරුව හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 48 කුත් පන්දු 3ක් අවසානයේ කඩුලූ 5 ක් පමණක් දැවී ලකුණු 300 ක් ලබා තරගයේ ජයග්‍රහණය කළා.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිශ්ශංක දිනේෂ් චන්දිමාල් සහ චරිත් අසලංක විශිෂ්ට ඉනිම් දියත් කළ අතර ඔවුන් පිළිවෙළින් පැතුම් නිශ්ශංක ලකුණු 75ක් දිනේෂ් චන්දිමාල් ලකුණු 75ක් සහ චරිත් අසලංක ලකුණු 71ක් බැගින් රැස් කිරීමට සමත් වුණා.

ඊයේ තරඟයේ දී මෙලෙසින් දස්කම් දැක්වූ පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න වැනි ක්‍රීඩකයන් මෑත කාලයේ ජාතික කණ්ඩායමට පැමිණි අතර එම කාලසීමාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන මිකී ආතර් මහතාය.

පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අවසන් වූ ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරයට මිකී ආතර් මහතා සමු දුන්නා.

ඔහුගෙන් හිස් වු ප්‍රධාන පුහුණුකරු ධුරයට තවමත් ප්‍රධාන පුහුණුකරුවකු පත්කර ද නොමැත.

මේ අතර ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතුම් පිරිනමා තිබෙනවා.

තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සුබපැතුම් පිරිනමා ඇති අතර පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල් සහ චරිත් අසලංක ගෙ පිතිකරණය ද වර්ණනා කර තිබෙනවා.

මිකී ආතර් මහතා තැබූ Twitter සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7