Cricket NewsEXCLUSIVEInternationalUnder-19

බංගලදේශය පිටිය මැද දණ ගැස්වූ එංගලන්ත යොවුන් කණ්ඩායම කඩුලු 7ක ජයක් සමග A කාණ්ඩයේ පෙරමුණට.!

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා.

මෙවර තරගාවලියේ හත් වන තරගය ලෙස Group A කාණ්ඩයේ බංගලාදේශය යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන්ට පන්දුවාර 35 ක් සහ පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 97ක් පමණයි.

බංගලාදේශ ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූ Ripon mondal ක් ලකුණු 33 ක් රැස්කිරීමට සමත් වුණා Aich Mollahh ලකුණු 13ක් රැස්කළ අතර SM Meherob ලකුණු 14ක් රැස් කිරීමට සමත් වුණා.

අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 12 සීමාව පසුකර යෑමට එංගලන්ත පන්දු යවන්නන් ඉ ලබා දුන්නෙ නැහැ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Joshua Boyden කඩුලු 4ක් දවා ගත් අතර Thomas Aspinwall කඩුලු 2ක් බිද හෙලුවා.

ඒ අනුව ලකුණු 98ක පහසු ජයග්‍රහණයක් හඹා යාම සඳහා පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් පන්දුවාර 25 ක් සහ එක් පන්දුවක් අවසානයේ කඩුලූ 3ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර යෑමට සමත් වුණා.

විශිෂ්ට පිතිකරණයක නිරත වූ Jacob Bethwell ලකුණු 44 ක් රැස් කළ අතර James Rew නොදැවී ලකුණු 26ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Rakibul Hassan සහ Ripon Mondel එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කළ එංගලන්ත 19පහළ කණ්ඩායම මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියේ Group A කාණ්ඩයේ ප්‍රථම ස්ථානයට පත්වීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7