Cricket NewsEXCLUSIVE

“අවසානාවන්ත ලෙස මැදපෙළ පිතිකරුවොත් පුද්ගලිකව මමත් ඉක්මනට දැවී ගියා, මේ වැරදි හදාගන අනෙක් පැවැත්වෙන තරඟ හොඳින් සෙල්ලම් කරලා නැවතත් තරගයට එන්න ඕනේ” – චරිත් අසලංක

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය අරඹමින් ඊයේ ආරම්භ වූ විස්සයි-20 තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක ඕස්ටේලියානු කණ්ඩායම සමත් වුනා.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු තරගය පරාජය වීමට හේතුව පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චරිත් අසලංක පවසයි.

ඔහු සඳහන් කළේ, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ හැකියාව තීරණය කිරීමට මෙම තරගය ප්‍රමාණවත් නොවන බවය.

දෙරට අතර පැවති පළමු තරගය පරාජය වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් චරිත් අසලංක ඒ බව සඳහන් කළා.

“තණතිල්ල අපි හිතපු තරම්ම හොඳ නෑ, පොඩ්ඩක් ස්ලෝ වුණා විකට් එක ටික ටික යද්දි, අපි 12ට 100ක් තියෙන කොට සාමාන්‍යයෙන් කණ්ඩායමක් ඉතිරි ඕවර් 8ට ලකුණු 70ක් 80ක් අනිවාර්යෙන් ලබාගන්නවා. මම හිතන්නේ අපි පන්දුයැවීම ඉතාමත් ශක්තිමත්.”

“150කට වැඩිය තිබ්බානම් අපිට මීට වැඩිය ලොකු තරගයක් දෙන්න තිබුණා කියලා හිතනවා. අපි චුට්ටක් කලබල වුණා කියලා හිතනවා මම ඇතුළුව අනිත් හැමෝම, මම හිතන්නේ එතන කැලැප්ස් එකට හේතු වුණේ අවසානාවන්ත ලෙස මැදපෙළ පිතිකරුවොත් පුද්ගලිකව මමත් ඉක්මනට දැවී ගියා. ඒකේ වගකීම අපි පිතිකරුවෝ විදිහට භාර අරගෙන අනෙක් පැවැත්වෙන තරගය හොඳින් සෙල්ලම් කරලා නැවතත් තරගයට එන්න ඕනේ. පිතිකරුවන් විදහට අපි ෆේල් වෙලා පන්දු යවන්නන්ට මට කිසි වැරැද්දක් කියන්න බැහැ”

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණය සමගින් තරඟාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුනා.

දෙරට අතර පැවැත්වෙන දෙවන විස්සයි-20 තරඟය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

චරිත් අසලංක සහබාගි වූ මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7