Cricket GossipCricket NewsEXCLUSIVEInternational

බංගලාදේශ විරෝධතාකරුවන් හිටපු ක්‍රිකට් නායක‍‍‍‍යාගේ නිවසටත් ගිනි තබයි

බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී, රට හැර යාමෙන් පසු රට තුළ දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන ඇත.

විරෝධතාකරුවන් බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක මෂ්රෆි බින් මොර්ටාසාගේ නිවසට ගිනි තබා ඇති බවද එරට මාධය වාර්තා කරයි.

මෙම වසර මුලදී බංග්ලාදේශයේ පැවැති මහ මැතිවරණයේදී අවාමි ලීග් අපේක්ෂකයකු ලෙස අඛණ්ඩව දෙවැනි වරටත් ආසනය දිනාගත් මොර්ටාසා, කුල්නා කොට්ඨාශයේ නරායිල්-2 මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. එමෙන්ම විරෝධතාකරුවන් දිස්ත්‍රික් අවාමි ලීග් කාර්යාලය ද විනාශ කර ඇත.

එරට මාධ්‍ය වාර්තා කළේ දැවැන්ත ශිෂ්‍ය විරෝධතාවලින් පසු ෂෙයික් හසීනා රටින් පිටතට පියාසර කිරීමෙන් පසු විරෝධතාකරුවන් මොර්ටාසාගේ නිවස විනාශ කර ගිනිතැබූ බවයි.

මොර්ටාසා බංගලාදේශය වෙනුවෙන් තරග 117කදී නායකත්වය ලබාදී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button