Cricket NewsEXCLUSIVEUnder-19

යොවුන් ආසියානු කුසලානය හඹා යන යොවුන් සිංහයන් පකිස්ථානයට එරෙහිව අවසන් පුර්ව තරඟයට.!

ආසියානු කි‍්‍රකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද 19න් පහළ යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ පාකිස්තාන යොවුන් කණ්ඩායම අතර හෙට (30 වැනිදා) ඩුබායි හිදී පැවැත්වීමට නියමිතය.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙරවරු 11.00 ට ආරම්භ වීමට නියමිත අතර තරඟාවලියේ මූලික වටයේදී කුවේට් යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 274 ක දැවැන්ත ජයක් ලබාගත් ශී‍්‍ර ලංකා යොවුන් කී‍්‍රඩකයෝ නේපාල යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 60 ක ජයක් වාර්තා කිරීමට සමත් වුනා.

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමග පැවැති තරගයේදී විනිසුරුවරුන් දෙදෙනාට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි සොයා ගැනීමෙන් පසුව තරගය අතහැර දැමුනා.

එම තරගය විසඳුමකින් තොරව අවසන් වීම නිසා බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට ‘B’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වුයේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය හේතුවෙනි.

‘A’ කාණ්ඩයේ සහභාගි වූ තරග 3 ම ජයගත් පාකිස්තාන යොවුන් කණ්ඩායම එම කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

එහිදී පාකිස්තානය හමුවේ පමණක් පරාජයට පත්වූ ඉන්දීය යොවුන් කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසියේ ‘A’ කාණ්ඩයේ දෙවැනියා ලෙසිනි.

ඒ අනුව ‘A’ කාණ්ඩයේ පෙරමුණගත් පාකිස්තාන යොවුන් කණ්ඩායමට එරෙහිව ‘B’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හෙට අවසන් පූර්ව වටයේදී මුහුණට මුහුණ තරඟ වදිනු ඇත.

“B‘’ කාණ්ඩයේ පෙරමුණගත් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අවසන් පූර්ව වටයේදී ‘A’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් ඉන්දීය යොවුන් කණ්ඩායමට එරෙහිව තරඟ කරනු ඇත.

මෙම අවසන් පුර්ව තරඟ ජය ගනු ලබන කණ්ඩායම් දෙක එළඹෙන 31 වනදා ඩුබායි ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී යොවුන් ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට තරඟ කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7