Cricket NewsEXCLUSIVEMatch Review

ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 26කින් පරාජය කළ ශ්‍රී ලංකාව 1-1ක් ලෙස තරඟාවලිය සම කරයි.!

අද (16) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 26ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින් තරඟාවලිය 1-1 ලෙස සම තත්වයට ගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායක Aaron Finch ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 47.4ක් අවසනයේ කඩුලු 9ක් දැවී ලකුණු 220ක් රැස් කරගෙන සිටින විට වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරඟය නතර කළ අතර අනතුරුව නැවතත් තරඟය ආරම්භ වුයේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 43ක් ඇතුලත ලකුණු 216ක ඉලක්කයක් ලබා දෙමිනි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් රැස් කල අතර දසුන් ශානක ලකුණු 34ක් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 20ක් රැස් කළා.

පන්දු යැවීමේදී Pat Cummins කඩුලු 4ක් බිඳ හෙලුවා.

වර්ෂාව හේතුවෙන් ඩක්වත් ලුවිස් නයායට අනුව ලකුණු 216ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ට පන්දුවාර 37.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 189ක් පමණයි.

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ David Warner ලකුණු 37ක් රැස් කළ අතර Glenn Maxwell ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චාමික කරුණාරත්න කඩුලු 3ක් දවා ගත් අතර දුෂ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ සහ ධන්නජය සිල්වා කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය චාමික කරුණාරත්න හට හිමි වුනා.

මෙම ජයග්‍රහණයත් සමග තරඟාවලිය 1-1ක් ලෙස සමා තත්වයකට පැමිණියා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button