Cricket NewsEXCLUSIVEIPLMatch Review

Shivam Dube, Robin Uthappa සහ මහිෂ් තික්ෂනගේ සුපිරි දස්කම් හේතුවෙන් ප්‍රභල RCB පරාජය කළ CSK මෙවර තරඟාවලියේ ප්‍රතම ජයග්‍රහණය වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 22වන තරගය ලෙස ලෙස මහිෂ් තීක්ෂණ ක්‍රීඩා කරන Chennai Super Kings සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 23ක ජයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 216ක් රැස් කිරීමට සමත් වුණා.

Chennai Super Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Shivam Dube පන්දු 46කදී ලකුණු 95ක් වාර්තා කිරීමට සමත් වුනා.ඊට නොදෙවෙනි පිතිහරඹයක් දියත් කල Robin Uthappa පන්දු 50ක් තුල වේගවත් ලකුණු 80ක් රැස් කිරීමට සමත් වුයේ දැවැන්ත හයේ පහර 9ක් සහ හතරේ පහර 4ක් එල්ල කරමිනි.

පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 217ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 193ක් පමණයි

Royal Challengers Bangalore ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Shahbaz Ahmed ලකුණු 41ක් රැස් කල අතර Suyash Prabhudessai සහ Dinesh Karthik ලකුණු 34 බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහිෂ් තීක්ෂණ කඩුලු 4ක් බිඳ හෙලු අතර Ravindra Jadeja කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

එමෙන්ම මෙම ජයග්‍රහණය Chennai Super Kings විසින් මෙවර තරඟාවලියේ වාර්තා කරන ලද ප්‍රථම ජයග්‍රහණය ද වනවා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7